Tuesday, April 3, 2012

විමසිලි ඇසින් .....

යම යම බලා ඉදිරියටම නොබා පසූ
කදු හෙල් මහා ගංඟාවන් තබා පසූ
එක් එක් වැටකඩුළු බිදලා නොයෙක් හසූ
ජීවන ගමන ගෙනයනු සරු බවෙන් මුසූ

වැතිරී කටු කිනිති සැම තැන ජීවිතය
විමසිලි ඇසින් බලලා නිසි සාධකය
දමලා ගසන ලෙස නොම වී ජීවිතය
නිසි තැන කලට වෙලාවට යා යුතුය

රන් මුතු මැණික් දේපල තිබුණත් මොටද
හද සැනසුමත් වේලාවත් මවන්නද
දුප්පත් පැලක රතු හාලේ බතක් සොද
නිදහස් ලොවක හිදුමට සොද කලක් වෙද...? 

No comments:

Post a Comment