Friday, April 13, 2012

තනිකම පාළුවයි මා නිති උරුම උණේ ....

පැතුම් පිරි හදවත බර දැනෙන වෙලේ
නුඹත් ඇවිත් එක් කෙරුවා පැතුම් විලේ
මටත් හොරෙන් පැතුමන් බිම වැටුණ වෙලේ
සමා අයදිමී පව මගේ නොවුන කළේ

සිහින මැදින් දිව යන විට සුන්දරය
පතන සිහින බිම වැටේද්දි ගින්දරය
කල් යල් බලා ගනු තීරණ මසුරන්ය
අද දුක් විධිමත් හෙට ජය පිණිසමය

තනිකම පාළුවයි මා නිති උරුම උණේ
නුඹ ඇවිදිනුයි හද පැල්පත එකලු කළේ
නැහැ කිසි දොසක් නුඹෙ කිමට රත්තරනේ
එකගෙයි වසනු බැරී හන්දයි මෙහෙම උණේ

යන එන දෙපස මල් සුවදින් සුපිපෙන්නයි
කරනා සෑමදේ නුඹහට හරියන්නයි
සමගිය සාමදානය නිති සිත පිබිදෙන්නයි
පතමිය දිවිය නුඹේ සැම විට සරු වෙන්නයි

No comments:

Post a Comment