Saturday, April 14, 2012

මගෙ දිවියට මල් වස්සන

සලන් සුමුදු මුදු සමනල
තටුත් සමග රිසි කෝමල
සෙනේ ගැඹුරු සේ සාගර
යවන් සෙමින් මා පාකර

සරත් සමය අර සුන්දර
කෙසේ විදිමු අපි පෙම්බර
නුඹත් සමග සිත් යාකර
හදින් ගමන් යමු සංවර

සුමුදු සමන් මල් පීදෙන
අන්න බලන් අර ලස්සන
සදෙන් අරන් ආ යෞවන
මගෙ දිවියට මල් වස්සන

No comments:

Post a Comment