Tuesday, April 10, 2012

ඇවිදින් අලුත් අවුරුදු කුමරුන් කවුරූ

වන රුක් දරා පල අතු අග නෙක අයුරූ
සත හේ තෙමො අනු නාදෙන් වී මිතුරූ
ගම වෙත් සිරිත් සිරියෙන් වී ලොව මියුරූ
ඇවිදින් අලුත් අවුරුදු කුමරුන් කවුරූ

වන පෙත හමත් සියුමැලි මද නළ සුමුදූ
නාදය කොහො හද නන්වති සැම සිනිදූ
කාලය ගෙවෙයි හමනා සුවධන් සැසදූ
අතිරස බැදෙයි සැම ගෙදරම රස පැරදූ

සැම දිදුලවයි නෙක නෙක පාටින් බැබලූ
සංතෝසයයි සිනහව පොඩි දුව වැටලූ
නැවුම් සුවද දෙන ගවුමින් ඇද පබලූ
ඔලිඳ කෙලී ඇය මැදිවී පොඩි යහලූ

No comments:

Post a Comment