Tuesday, April 10, 2012

සුසැට මායම් මගේම වේ නම් ...

සමයන් නොමවෙන් නුඹ නම් මනරම්
එකව ගෙවෙන රැය සැපැබිදි වන්නම්
යන්ට තනන්නට සිතන්ට හොද නම්
කද මලු බැදගෙන ඔබ හමුවෙන්නම්

කන්ට අදින්නට බොන්ටත් දෙන්නම්
සුසැට මායම් මගේම වේ නම්
වත්ත මයිමෙන් මා ගොඩ වෙන්නම්
රැය ගෙවෙණා කල පාළුව  නම්

රස මිවිත උඹේ දෙපුලෙ තවන්නයි
මායම් ඇස් දෙක වත්තම් වෙන්නයි
රූප ශොභාවට සිත ගිනි ගන්ටයි
කියපන් රන් කද මා හෙට එන්නෙයි.. 

No comments:

Post a Comment