Saturday, April 14, 2012

නුඹ මට දුරයි එය පිලිගන් මයේ සුද්දී..

උණුසුම නුඹේ හොරු අරගෙන ගියාදෝ
මලක මෙලක නැති වී පර උනාදෝ
සිත අබියස මතකය ගොලු උනාදෝ
නුඹ නැති ටිකට මා වෙනකෙකු වුනාදෝ


ලාහිරු හොරෙන් බැස යනවිට ක්ෂිතිජ ඉමේ
අත ගෙන නුඹේ පෙර දවසෙදි ගෙවුන පෙමේ
උනුසුම තවම ඇත මතකේ සොදුරු කමේ
කවදා කොතැන යලි ඒවීද ගෙවුනු සමේ


හුරතල් සිනා ඇසිපිය යට ලෙල දෙද්දී
නුඹේ මතකයන් මා සිත හොල්මන් වෙද්දී
රා කට්ටකට අමු මිරිසුත් ගැලපෙද්දී
නුඹ මට දුරයි එය පිලිගන් මයේ සුද්දී

No comments:

Post a Comment