Friday, June 15, 2012

කනට කොදුරා කියනු - නුඹ ඉන්නේ සැනසිලා .....



තරුත් අද ගෙට වෙලා - රෑ අහසේ නෑ වළා
අදුරු බර මගේ දිවිය - ලෙසම සඳ සැගවිලා
සදෙන් සඳ කැන් නෙලුව - අතීතය ගොළු වෙලා
හදේ අදුරුම කොනක - සතුට යට පත් වෙලා

හෙණ ගහන මහ වැස්සේ - කුඩේ යට සැගවිලා
පහු කරපු දිය කඩිති - අද වෙද්දී වේලිලා
හීනියට හීතලට - නුඹත්  මට ගුලි වෙලා
සිව් වසක අතීතය - අදත් හිත බර වෙලා 

නා මලින් සෙනහසින් - පැතුව පෙම සැගවිලා
වෙන අයෙකු සමග නුඹ - එක ගෙදර තනි වෙලා
දුක දරා ගන්නවත් - එක් වරක් හමුවෙලා 
කනට කොදුරා කියනු - නුඹ ඉන්නේ සැනසිලා .....



No comments:

Post a Comment