Tuesday, October 30, 2012

යනෙන විටදි දාවා ල යේ ....

ළැමැද නුඹගේ සුව යහනක් 
රනින් බැන්ද මල් යායක්
නිබඳ සුවඳ දෙන දැහැනක්
හද   පවසයි   ගී     දහසක්

වන මල් පලදන්නද මා
නෙලුමෙන් සරසන්නද මා
මුවගින් සිනසෙන්නද මා
සිතම නුහුරු වී දැන් මා

යනෙන විටදි දාවා ල යේ 
දැනුනා පෙම ඇගේ ළයේ
රණ මයුරෙකු මගේ කයේ
පෙමින් වෙලී දිවා රැයේ

කවි පද නවතනු මට බෑ
නුඹේ මතකය සඟවනු බෑ
හද බැදි පෙම පුද දෙනු බෑ
කිමද බයයි දුක් වෙනු බෑ



Friday, October 26, 2012

මගේ ලොකයෙ අලුත්, පෙම් මලකි පවසන්න


අහස් කුස හිස් වෙලා, තරුත් හෝදන් ගිහින් 
ඉයේ රෑ මහ වැස්ස නපුරු වීලා තදින්
හදවතට ඉකි බින්ද, මලුත් පරවී ගොසින්
හිත ලඟම නැවතිච්ච නුඹත් අද දුර ගිහින්


සුදු පාට මල් වැටුනු පිච්ච ගහ යට ඉදන්
නුඹ ගෙතුව කවි සින්දු මතකයට පොදි ගසන්
බලා ඉන්නා ඇයට වෙන ලොවක් නැති හෙයින්
ලොකයට නොපෙනෙන්න, ඇවිත් සකි නුඹ බලන්



උරුම ලොව මා නොවන බව ඇයට පවසන්න
පවසලා හෙමිහිටම ඇයට කියලා දෙන්න
මා ඇවිත් ගිය විටෙක වෙන්නෙ දුක ලියලන්න
මගේ ලොකයෙ අලුත්, පෙම් මලකි පවසන්න



Sunday, October 21, 2012

සිහින් දෙකොපුල්, ආල වඩමින්


ගියත් නුඹ විගසින් 
සලා ඉඟ සුඟ මැනවින්
මයේ හිත සැනකින්
කෙලෙස දෙනු ළඳ, නුඹට මෙලෙසින්


ගත හැකත් අතකින් 
මිටින් ගෙන ඉඟ රහසින්
කියන් නුඹ මෙලෙසින්
කෙසේ ඉනු ළඳ, ලොවට රහසින්
 
ප්‍රියකරුය සැබවින්
දෙව් ලියක් විලසින් 
ඉවත ලනු කෙලෙසින්
සිහින් දෙකොපුල්, ආල වඩමින්
 
ලොවම ඔහේ ඉත් දෙන්
කතා හදමින් සද්දෙන්
නුඹත් නුඹේ අස්නෙන්
නැගිට එනු ළඳ, මගේ පස්සෙන් ...