Thursday, November 1, 2012

තනි තරුව නුඹ නොවෙද - මගේ ලොව පායනා

තනි තරුව නුඹ නොවෙද - මගේ ලොව පායනා
හිරු අවර ගිය විගස - කලුවරේ දිලිහෙනා
නිදි යහනේ නිදි නැතිව - විටක මා සිනසෙනා
නුඹ නැතිව ගෙවන රැය - හීනයකි කල්පනා

නුඹේ සුවද නුඹේ සුවය - මලක ගති පරදනා
නිල් දෙනෙත රතු දෙතොල - සොබාදම් රසදෙනා
වට කුරුව පුලුළුකුල - ටිකිරි ලිය සමවෙනා
කිමද මේ නිහඩ බව - මා සිතට වද දෙනා

ඇසුනු සර සර හඩින් - විගස මා ඇහැරෙනා
දුටුව දේ සිහිනයකි - යලිත් ඇස් පියවෙනා
රළ බිදෙන සේ යසට - නුඹත් අර හින හෙනා
නැතිද නුඹ හැබහින්ම - මා ලඟට ලංවෙනා



No comments:

Post a Comment