Monday, November 12, 2012

රටකට වේච්චී

සිරි ගුනයෙන් පිරි ලක් මව් මාගේ 
සම කල නොහැකියි කිසි විට ලොකේ
රැකගනු උරුමය අපමන පන සේ
නොම වනසනු අප ඉපදුන දේසේ

මට මතකයි අර ඉස්සර කාලේ
කුරුලු ගීත නද සැරදෙයි දසතේ
අද ඒ විහගුන් රටගිය විලසේ
නෑ නද දෙන්නේ ඉමිහිරි නාදේ

සිත සුලං රැලි දසත හමද්දි
වෙල් ඉපනැලි වල මිහිර මතක් වි
හදවත හඩවයි අද අව් රශ්මි
නැහැ අර සීතල නළ අද අහිමී

අද ජාතික ගී, මව් හඩ දෙද්දී
අවජාතක උන් පය ලෙල වද්දී
මා හද ජාතික ආලෙන් තෙත්වී
කිම විමසයි මේ රටකට වේච්චී

No comments:

Post a Comment