Saturday, November 17, 2012

ලොකුම සින්නා මම ම වෙන්නම්.....

තනි තරුව නුඹ නම්
හෙටත් පා යයි නම්
නොවරදා එන්නම්
ඇවිත් නුඹ දෙස බලා ඉන්නම්

එකම මල නුඹ නම්
තනිකම, උරුම නම්
දුරින් මම ඉන්නම්
මලේ හැඩ දැක සතුටු වෙන්නම්

දිය දහර නුඹ නම්
තනිවම ගලයි නම්
ලඟට විත් ඉන්නම්
දිය දහර ලඟ ගසක් වෙන්නම්

සරසවිය නුඹ නම්
පොත් අතට ගන්නම්
සැමදා රැදෙන්...නම්
ලොකුම සින්නා මම ම වෙන්නම්.....

No comments:

Post a Comment