Friday, November 2, 2012

මගෙ දිවි ගඟේ සුන්දරතම නුඹ වන්නා

රඟ දෙන මතක පොදි වැල් එක එක මත්තේ..
පැටලී වෙලී හද මංමත් වී,  අස්සේ ....
ගෙතේනා වචන හද පත්ලෙම බැස ගත්තේ....
කියනා කෙලෙස හද ආලය ඇත සිත්සේ....

නෑ රෑ නින්ද එන්නේ වත් අහලකට
පෙර දින මතක ගෙන යන්නවා සිහිනෙකට
හිදුමට කැමති මුත් දිවි ඇති තෙක් එමට
ඉන්නේ කෙලෙස මතකය නුඹේ වැද සිතට

ගංගා ගලා ලා යනවිට හමු වන්නා
සුන්දර සාරවත් පෙදෙසක් වන් වෙන්නා
මගෙ දිවි ගඟේ සුන්දරතම නුඹ වන්නා
ආයෙත් පාළු සොහොනක් අද්දර වැන්නා



No comments:

Post a Comment