Sunday, November 25, 2012

මට හැකිය මගේ සිතේ - සතුට ලොව බෙදන්නට


සරු සාර කෙත් වතු - මට නෑනේ පිරෙන්නට
ඔටුනු රන් ආභරණ - මට නෑනේ අදින්නට
සිතින් මවමින් මහා - මාලිගා තනන්නට
මට හැකිය මගේ සිතේ - සතුට ලොව බෙදන්නට

මහා ගංඟා ගලා එක් වන්නේ එක තැනට
අප කවුරු කොයි ගියත් ලං වන්නේ මරණයට
ජිවිතේ හරි කෙටියි, වෙයන් ජිවත් හොදට
මට කිව්වේ මගේ, මා පිය තුමන් හදවතට

No comments:

Post a Comment