Saturday, November 3, 2012

මගෙන් දුර ගොස් නෙවෙද මිහිරිය ...

මවා සිහිනෙන නුඹේ සුදු වත 
සැතපිලා සුව වින්ද යහනේම
බල බලා පෙර වින්ද පෙම් සුව
රැවටිලා ඉමි යලි එතැයි නුඹ 

සැදැ සමයක නුඹේ අත ගෙන
මුහුද අබියස නළල සිප ගෙන 
මතකයි දිව යන්නේ පෙර දින
ඇරඹි පෙම ගිලිහිලා නොදැනිම

යලිත් දවක නුඹේ අතගෙන
වැව් ඉවුර ඉම සෙවනේ හිදගෙන
සුපෙම් සුව විදිනට සිතත් මම
මගෙන් දුර ගොස් නෙවෙද මිහිරිය ...



No comments:

Post a Comment