Sunday, November 4, 2012

ලොවම දිනුවා සේ සිටිමි මම

දැනෙන පාළුව හිතේ ගුලිකර
පාළු සොහොනක සගවමිය මම...

දෝර ගලනා සෙනේ කැටිකර
වක්කඩක් අග සගවමිය මම...

රුදුරු වෙසකින් මුවම වටකර
සිතට චපළව හිනහෙමිය මම...

සිතත් රවටා ලොවම නැතිකර
ලොවම දිනුවා සේ සිටිමි මම...



වැටෙන කදුලැලි ඇස් අගින් නොව
හදවතින් රූරා හඩමි මම...

සිතට ඇව්ටිලි කරන සිතැගිලි
සොය සොයා වළලා දමමි මම...

ළයට නොම හිමි සිහින් පෙම් දළු
කඩ කඩා දර මිටි බදිමි මම...

නුඹව නොම හිමි ලොවක් අද්දර
සිත සිතා ලත වෙමිය මේ මම....




No comments:

Post a Comment