Monday, November 5, 2012

සිනා සෙනු මැන මට බලන්නට

සොදුරු දැසට කදුල තහනම්
කදුලු මෙතරම් හද පෙලයි නම්
සිනහ උතුරන මල් තිබේ නම්
වහා පවසනු ගෙනත් දෙන්නම්


එපා ඔය ලෙස දුක් විදින්නට 
බලා ඉනු බෑ නුඹ හඩන විට
සිහින් මුදු සොද සිනා මුසු කොට
සිනා සෙනු මැන මට බලන්නට


ලතාවට නුඹ පාද තබමින
ඇස් පියන් සෙම සෙමින් වසමින
ඇවිත් ලගටම මහද ගැසෙමින
හීනයක්දො සිතේයි සැබවින


No comments:

Post a Comment