Wednesday, November 7, 2012

සැගව ඇත කොහෙවත්...

සවන් පිනවන හඩක් ඇසුමට
පින් මදිද තවමත්...
ඇසම රදවන රුවක් දැකුමට
කිමද මේ වෙහෙසක්..

ලය බැදෙන පෙම සිතට වැඩුමට
නැතිද හොද නැකතක්..
රැයෙ තනියම පාලුවෙන් මම
නැහැනෙ තව කිසිවෙක්...

අමාවක සද මෙන්ම මා පෙම 
සැගව ඇත කොහෙවත්...
ඇගිලි ගනිමින් සිටිමි මා හද
කෙදිනදො පොයක්...

No comments:

Post a Comment