Friday, November 16, 2012

සුවබර නින්ද රජ කරවයි කර සද්දා

බිඳ බිඳ වැටෙන දා බිඳු සුරතට රැගෙන
වන මල් සුවඳ නොම දුන්නත් හිත නිවන
දැන ගන් නුඹත් වැඩකරනා අය විදින
දහදුක් තමයි අප ලොව සැප වත් කරන

රන් මුතු මැණික් නම් ගොඩ ගහලා නොමැති
මුව පිරි නිදහසයි ලොකෙට බරක් නැති
ගේ කටු මැටියි, ගෙයි හැරෙන්න ඉඩක් නැති
ඒ කිම උවත් ගේ පිරෙන්න සිනා ඇති

නෑ සිත පෙලන්නේ, නෑ කිසිවෙකු රිද්දා
සුවබර නින්ද රජ කරවයි කර සද්දා
මහ මහමග ගියත් බිය සැකයක් නැති හන්දා
ඔහු දිවි ගෙවන්නේ ... රජුනුත් බිය වද්දා

No comments:

Post a Comment