Monday, December 17, 2012

නුඹ වීය පාවෙන රේණු ලමිස්සී


සුළං කපොල්ලක අග මා ඉද්දී
නුඹ වීය පාවෙන රේණු ලමිස්සී
පාවී ආ නුඹ මා හද රැස් දී
මතකයි සුවඳක් හැමුවා යත් දී

මදහස පෑ නුඹ සිහින් මුවැත්තී
සෙනෙහස උරුමයි සිතුවා සිත් දී
බලනා කළ මම දැහැන මෑත් වී
නුඹ මට තරුවකී පොලවේ ඉද්දී

සුළං කපොල්ලෙන් මා ද ඉවත් වී
සුසූම් පොදක් ගෙන බර වී ඉද්දී
පා වී ආවේ සමනළ රෑස් දී
නැවතත් මා සිත දැහැනක පැටලී

No comments:

Post a Comment