අහස් කුස පීරනා අඳුරු වැහි වලා වෝ
හෙමි හෙමින් සීරුවට සඳවතිය හැඩෙව්වෝ
ඇය සෙමින් තරු වලට කීව වේදනා වෝ
වැහි වලා පුපුරමින් අසා තරු කතා වෝ
කළුවරයි දුටුව විට, දුරට කලු වලා වෝ
නැහැ පෙනුනෙ සියුමැලිය හදට වේදනාවෝ
වැටෙන විට කඳුළු බිඳු මිහි කතට, ලතාවෝ
පවසමිය සීරුවෙන් අහස වුනූ කතා වෝ
මද පවන නුහුසුලන හදවතින් හමා වෝ
ගිණි අකුණු තව පෙලයි අසරනව වලාවෝ
ලොවම නෙක දුක් කඳුලු රෑ පුරා ගලා වෝ
හිරු කුමරු වැඩම කර නසති වේදනා වෝ