Saturday, January 12, 2013

සංකල්පනා


සංකල්පනා මන බන්දනා
හිත ඉන්දලා සුර සැප දෙනා
අප අන්දනා පෙම් කල්පනා
නෙක නෙක ලෙසින් සිත සනසනා

ලොව මල් මිටක් හද කළබනා
පර මල් පවා දැන් සුව දෙනා
අර සුර ළදුන් මට අත වනා
ඇසි පිය අගින් මට හිනහුනා

නෙක කල්පනා ලොව සනසනා
තව එක් අයෙක් ඉන් රැවටෙනා
කර කල්පනා හිත යොදවනා
හෙට ලොව දිනනූ නුඹ පා සිනා

No comments:

Post a Comment