Friday, January 25, 2013

පැතුම් ...

ගෙන නෙක පැතුම් කලවම් කර පදමකට
හැඩ වැඩ දමා රස ඩිංගක් ඉසින් වට
බල බල පදම රස කදිමට සුවඳකට
දෑසුත් රිදෙනවා දැන්නම් ඩිංගකට

කිම බොල දෙයියනේ මෙලසින් වෙන්නෙ නැතී
මා සිතු පැතුම් කවදත් ඉටු වෙන්නෙ නැතී
මා කල පව කිමද, මට වැටහෙන්නෙ නැතී
මැව් මා පැතුම් කිම අද ඉටු වෙන්නෙ නැතී


-----------------------------------------


නෙක නෙක පැතුම් ගෙන මැව්වත් බොලාලා
අත් පය බැදන් ගෙයි පුටුවට රිංගාලා
මට අත් දෙකයි තොපි මැව්වට හය දාලා
මගේ වැඩ කරන්නේ උඹලද පිං දීලා

මවපං සිහින ලොව දිනුමට එය මඟවී
කරපන් එයට මඟ පාදන ලෙස වැඩ වී
එවන් සතුන් හට මනුලොව දෙයි සැලවී
මගේ දොරත් හැර ඇත පුත වැඩු මැනවී

No comments:

Post a Comment