Tuesday, January 8, 2013

වැටෙන තරුව නුඹ


මා සිත අද්දර
ලාවට කැරකුන
සුවඳ මලකි නුඹ
පෙති ගිලිහී ගිය

රළ පෙල සමගින
සුරතල් වෙන සද
රුවට දිලෙන නුඹ
බැස යන හිරු මෙන

තරු කැට වියකුන
සඳ නැති අහසක
වැටෙන තරුව නුඹ
සිතට සතුට දෙන

No comments:

Post a Comment