Sunday, March 10, 2013

සේපාලිකා මල


ඔහු සිතට....

අර පෙන සුදූ පාට මල නුඹට පෙනෙනවද
පෙති වැටුන රැලී ගැසුනු බව සිතට දැනෙනවද
සඳ එළිය පීනමින්  පිපූනු බව හැඟෙනවද
දැන් අතරමන්ව පෙති, ලමින් මල මියෙනවද

සිත සොබා ගති ඇතත් සඳුට පෙම් බැඳි මලට
සුවඳ නොම වැටහෙන්නේ දුරින් ඉන්නා සඳට
ලමින් හති එක සිතින් කලත් පෙම් රෑ කලට
නුඹේ ලොව අවසන්ය හිරු පැමුනු විට පෙරට

මල ඔහුට.....

කොහිද සඳු , කුමට හිරු මට කොහිද බඹර මදු
රෑ කලට පාලුවට හිටිය එක මගෙම සඳු
මා මලයි නුඹ සිතයි විය එකම ලෙයින් බඳු
යුවතියයි දුර සඳයි සලයි අප ප්‍රේම කඳු

.......... මීට පුරුෂ සේපාලිකා මල :D .......

No comments:

Post a Comment