Monday, April 15, 2013

මම කොතැන ... ?


මම කොතැන නුඹ කොතැන මනු සතුන් මැද
සුර හීන මල් මාල පෙම් වදන් සොඳ
හිත වටා  දා යදම් තද වෙන්න බැඳ
මට කියපි මවන්නට නෙක නැවුම් නඳ

නෑ සිතක් බිඳුනු පෙම සසල කර හිත
ගත උනත් බෝ කලක් පෙම් සුවඳ ඇත
සිනහුනත් හැමවිටම හඩනවා හද
අද උදෙත් හීනයක් කඳුළු මොකටද

සැනසුමක් හොයනවා විටින් විට හද
රාගයෙන් පෙලෙනවා නොමසුරුව කය
නවතින්න නාවතැන් එමට මගතොට
සිත බියෙන් පෙලෙනවා වින්ද දුක දැක