රණවරා නුඹ හිනහුනා නොව යටි සිතින් සරදම් කරා
පල දරා නැති උනත් හිත් අග ආදරය සක්මන් කරා
සුවඳ මල් නැති මගේ ලෝකයේ ආදරෙන් හදවත වරා
මම හිඳිමි පෙර සේම හැම දින ගල් පිලිම මැද අවි දරා
හීන බොහොමයි ජිවිතේ නැත මා පැතූ ලෙස ඉටුවෙලා
නුඹ තරම් වත් මට පිනක් නැත සීත සුළගට සෙලවිලා
ගලින් නිමවූ මගේ කය තුල මෙලෙක් හදවත උණු වෙලා
බලා සිටියේ පෙම් කෙලින රඟ දුකක් නැත සතුටයි ගලා

No comments:
Post a Comment