Wednesday, June 5, 2013

රැකියාව

නිදිවරමි ... දිවි ගෙවමි ... මැදියම්ව ගෙදර එමි
වැඩ කරමි ... පව් ගෙවමි ... ජීවිතය මම නොදමි
කන්තොරු ... මඩ ගොහොරු ... මංමුලා මම ම වීමී
මඟහැරුනු ... පැය අහුරු ... දෙස බලා පසුතැවෙමි

නැත නිමක් ... වැඩ රැසක් ... එයම වෙයි රැකියාව
නැති උනොත් ... වැඩ කිසිත් ... කොහිද වෙයි රැකියාව
කල යුතුයි ... වඩ පලත් ... කරන විට රැකියාව
එකක් නොව ... හිතට ගනු ... තව බොහොයි, රැකියාව

1 comment:

  1. Nidiwara paw gewa.. wehesila hemadaama...
    Rekaganna vindaganna behe thawath yauwanawa..
    Thawa thawath pana deela keruwothin rekiyawa...
    Jeevithaya maga arei mata menma nodeneema....

    ReplyDelete