Sunday, June 30, 2013

පෙම් දළු

සොදුරු සවසක ඉවුරු අසබඩ - සිනා සයුරක නැළවීලා
උන්නූ නුඹ දැක මහද මොහොතක් - ගැසෙන රිද්මය වැඩි කලා
නුහුරු නුපුරුදු වුවත් නුඹ මට - හද කොනක ඉඟියක් වෙලා
බලා උන්නේ මටම නොදැනිම - රෝස උයනක තනි වෙලා

නුඹේ  දෙනුවන් නුඹට රහසින් - කියූ කවිපද වැටහිලා
සැදෑ අඳුරත් සමඟ මගේ හිත - හෙමි හෙමින් දුරකට වෙලා
පෑයු දවසක ගසන හෙණ වැනී - අතීතය සිහිපත් වෙලා
කපා දැමුවෙමි සිඟිති පෙම් දළු - හිතට තරවටු කරවලා

No comments:

Post a Comment