Wednesday, July 31, 2013

සළලෙකු නොව මම

සළලෙකු නොව මම
නුඹ ඇමතු සඳ
අදහනු හැකි වෙද
මා හද තුල නද
රවටන පටලන
නුඹේ නිල් නෙතු යුඟ
ඔරවන තාලෙට
ආල වඩයි මන

රන් මුතු නැත මට
නුඹ සරසන්නට
විල්ලුද සළු නැත
නුඹ සතපන්නට
අසවර දෙනවද
කැන්දන් යන්නට
මා පෙම් හද තුල
කූඩු බඳින්නට

No comments:

Post a Comment