Monday, August 19, 2013

අදහන්න බෑ ...

කවීකාර හිත ගාව
නැළවෙන්න හිතුනාට
දුර ඉන්න බැව් හිතට අමතකම නෑ ...

දුර කතර නුඹ ඉන්න
බව හිතට දැනුනාම
ඇස පෙලන දුක් කඳුළු ඉවසන්න බෑ ...

හමුවන්නේ කවදාද
තව කොතෙක් කල් ඇතිද
හද නඟන මේ ගැටළු විසදන්න බෑ ...

ජිවිතය නුඹ ගාව
යැයි සිතට සිතුනාට
කිම එහෙම සිතුනේද අදහන්න බෑ ...

No comments:

Post a Comment