Sunday, August 25, 2013

තුරුලතා

වනපෙතක හීනියට සීතලට හැංගිලා
ලිව්ව කවි ගීත මා, හදෙහි සක්මන් කලා
නුඹත් අර අතීතයේ පෙමට මගේ ලොල් වෙලා
කිම ආවේ කියන් මට, මගේ සොදුරු කොකීලා

ලවන් නුඹේ පිනන්නට නැහැනේ වස්දඬු නලා
රවන්නට එපා මට, ආලේ ඇත පුරවලා
බලන් අර නෙළුම් මල් සඳ දෙසට නෙත් වෙළා
නුඹ වාගේ ආලයෙන් සිටී මන්මත් වෙලා

වසත් කල සුන්දරව පෙමින් අතිනත් වෙළා
අර බලන් තුරුලතා ප්‍රේමයෙන් මිරිකිලා
නුඹත් ආ විගස තව දෙතුන් මස පසු වෙලා
තුරු ලතා පරදවමි, සොයන් විත් පියඹලා

No comments:

Post a Comment