Sunday, September 22, 2013

ගෙන්දගම් පොළවට

අර බලන් සඳ  ඈත දිලෙනා සිඟිති තරුවක හැඩ
නුඹ දිහා බල බලා හොරහින් රඟන නර්තන ගොඩ
නුඹත් නිකමට නොදෑක්කා සේ දමන නෙක නෙක වැඩ
අනේ මන්දා නුඹත් සඳවත කෙල්ලො වගේමයි සැඩ

ආ වළාවන් තුරුළු කරගෙන හැංගිලා උන්නට
උනුත් ගිය පසු නුඹේ නිරුවත, පෙනයි ලොකයා හට
ලන්ඳ පිරි මැඳ බැන්ඳ සෙනෙහස මන්ද අමතක තිට
වරෙන් හනිකට නුඹට හරියන, ගෙන්දගම් පොළවට

Thursday, September 5, 2013

මාත් එක්ක (හවස හයේ සිට අට දක්වා)

සොඳුරු අඳුරු පෙම් සැඳෑව,
මා එක්කම ගත කරන්න
වින්දණීය නිමේෂයක,
අහසේ මාළිගා හදන්න
ඈත පිපෙන කඩුපුල් මල්,
රොත්ත දිහා බලා ඉන්න
මා එක්කලා ගඟ අසබඩ,
පැය දෙකකට ඔබත් එන්න