Thursday, September 5, 2013

මාත් එක්ක (හවස හයේ සිට අට දක්වා)

සොඳුරු අඳුරු පෙම් සැඳෑව,
මා එක්කම ගත කරන්න
වින්දණීය නිමේෂයක,
අහසේ මාළිගා හදන්න
ඈත පිපෙන කඩුපුල් මල්,
රොත්ත දිහා බලා ඉන්න
මා එක්කලා ගඟ අසබඩ,
පැය දෙකකට ඔබත් එන්න

3 comments:

  1. ගං දෑලට එන මීදුම
    උඩින් ඇදෙන කුරුලු රෑන
    බලන් ඉන්න උන්ගේ රැඟුම්
    එන්නට හැකි බෑ නොකියා

    ReplyDelete
  2. ආදර උණුසුම මැදි කොට
    සුසුම් හෙලන නිමේෂයක
    නුඹත් එක්ක හැන්දෑවක
    ඉන්න ආස ගඟ අද්දර

    ReplyDelete
  3. nihanda tharuna pen sendewa..
    oyath ekka gatha karan...
    diya yata naliyana praanaya...
    pama novi godata ganna....
    langata aran thurulu karan
    hemihita atha gaga inna....
    nowaradawa oba ennavita
    bilee piththa aran enna.... :-)

    ReplyDelete