Tuesday, October 1, 2013

තරුණ විය

බලනු අර ඇඳි රටා මහ සයුරු සිත්තරා
වැලි කෙලින පොඩි මුහුණු ආලොකමත් කරා
සියුමැලිය පෙණ නුරා, වෙති මතක සිත දරා
පෙර දාක විඳි සුවය පෙණ පිඩළි බිඳු මරා

බරක් ඇත සිත දරා, ලොවම වියපත් වෙලා
පෙර තිබුණු මතක මං, අද කැළෑවට වෙලා
විදින තුරු යලි බලා හිඳිමි මම ගොළු වෙලා
ලබන සැම උදෑසන මොකට ජීවත් වෙලා

තරුණ විය පසූ වෙලා, නැහැ ඇඟට පන උරා
ජිවිතය විදින්නට, බැහැ කකුල් බර දරා
අරන් යන තුරු මෙමා සිටිමි හිත දුක වරා
රෝද පුටු වල රෝද, මගේ ලෝකයේ සරා

No comments:

Post a Comment