Sunday, November 24, 2013

අවසරයි මට යන්න

විඩාපත් දෙනූවනම නිමා සනසා ලන්න
වැට රොස මලක් මෙන් නුඹේ සිනා මට දෙන්න
කළු වලා බිඳ දමා ලොවම මගේ සරසන්න
නුඹ එපා සඳ කුමරි ලොවට බිය වී ඉන්න

යනේන මඟ සිහින් නළ අත මවෙත පමූණන්න
නෙළුම් විල හංස කැල මෙන් කිරෙන් ජය ගන්න
වන පෙතෙක වසන මුව ලෙසින් කන් යොමවන්න
කුරිරු ලොකයකි අද, එපා නුඹ රැවටෙන්න

ඉතින් කාලය නිමයි අවසරයි මට යන්න
නුඹයි මගේ ජීවයම හිතට මේය අරගන්න
මම නැතත් මගේ මතක හා ඔවදනුත් ඔන්න
මගේ චූටි දූ කුමරි හෙට ලොවම වැජබෙන්න

No comments:

Post a Comment