සඳළුතලේ නුඹ රුව රඳවා
මා ඇස පිනනා, නුඹ ටිකිරි ලියා
ඔමරි ලතා බොරු පාන සිනා
එපා ඔන්න මට ඇසක් වසා
සුළඟ වගේ ගත ලඟට වෙලා
ඉන්න බැරිද දහඩිය නිවනා
කියා දෙන්න නුඹ ගෙතූ කතා
පෙර පරිදී, නෙක සිහින මවා
වට පුළුලුකුලයි නැළවෙන නිතඹයි
සිහිවෙන තරමට සිත පුබුදයි
නුඹ සිරියාවයි, මගේ ටිකිරි ලියයි
දම් හැන්දැවක, මට බහ දෙනවැයි ?
No comments:
Post a Comment