Thursday, December 12, 2013

හඬ පොඩක් අහගන්ට

කිම නොලැබුනේ අත්තටු, මට ඉගිලෙන්ට
රිසි සැම විටක ඇය හමුවට පියඹන්ට
කළ පව කිමද තනියම හද විඳවන්ට
අත්තටු බිඳපු ලෙස මේලෙස හැසිරෙන්ට

ඈ නෙත් දුරයි, එනමුදු රිසි දැක ගන්ට
දුරකින් ඉදන් හරි ආසයි නරඹන්ට
හිනෙන් උනත් කම් නෑ මට කොඳුරන්ට
ආසයි නුඹේ හඬ පොඩක් අහගන්ට

Wednesday, December 11, 2013

සිහින කුළුගන්වන

හඟවන ... සිත, හඟවන...
රුසිරූ පෙම මට දෙන..
නවනින.... සිත,  නවතින ..
වසනු නුඹ කොයිබද...

සනසන ... සිත, සනසන...
මියුරූ නාදය මන..
පවසනු.... සිත, පවසනූ..... මට,
කොයිද ඈ තුන් යම..

මවන හසරැල්, නෙතඟ නිළුපුල්
සිහින් බඳ නළවන...
සිසිලසයි නුඹ, සඳවතිය දෙන
සියුම් රැස් පරදන .....

පසවනූ... සිත, පසවනූ.. මැන,
සොයා මුළු සිහිනෙම...
කොයිද ඈ අද,
හෙටත් ඒවිද,
සිහින කුළුගන්වන