Wednesday, December 31, 2014

සුබ අලුත් අවුරුද්දක් වේවා !

සූහසක් සිනා බෝ, වෙන
සිත් ඇතී, ජනන් රජ වෙන
එන අවුරුදු, සුබ ඵල දෙන
මෙලේසින් පතමි, අද දින


Monday, December 29, 2014

වාරුවක්

දුහුවිලිත් නොවැදෙන්න මැදිව, ආවරනයෙන්
ලස්සනට බැබළෙන්න ඔපදමා, සීරුවෙන්
බලන් අර තෙජස් බල, මහා රථ, දෙස සෙමින්
නොදැක්කට කමක් නැත, බිම හිඳින මා, සොවින්

පින්තූර ගත්ත උන් බලා මා දෙස, හොරෙන්
කොට කොටා ජන්ගමෙට, බොරු කරති, සිරුවෙන්
අනේ නෑ ඉල්ලන්නේ මෙ මන්, වාහන නුඹේන්
පැතුවෙ මං වාරුවක්, තල්ලුවක්, රුපියලෙන් .


Saturday, December 27, 2014

නම්

සබඳ නුඹ,
සමඟ මම,
එක්ව හිඳි, ඒ කාලයේ
දැනුන සුව,
තවම මට,
දැනෙයි සිහිනෙන්, රෑ යමේ

ඇයද සොඳ,
නුඹද සොඳ,
හිටපු පෙම්වතියන්, ගොඩේ
මතක මට,
තවම නුඹ,
ඇහුව හැටි සොබ,නෙන් වගේ

මමද රස,
විඳින පෙම,
දුකෙන්.. හඬවන්නේ, කෙසේ
කියා සිත,
සිතුවේ සිත,
නම් වෙනස් ඇය, හා නුඹේ ...

--------
ප.ලි - විහිලුවට :P

Monday, December 22, 2014

වීර කම

අණ ලැබෙන්ට, ඇතී
නෑ කියන්නේ, නැතී
එහෙත් නැගෙනා, පැනය
මෙහෙව් කෝපය, සකී

පයින් ගහ එලවන්න
බලය තුඩු, දෙන්නැතී
යටි හිතේ, ඉරිසියාවත්
උඩට එන්නැතී

වැටහෙන්නේ නෑ නිතී
උඹ වෙලයි, ණයගැතී
සොහොදර කැක්කුමක්,
නම් උඹේ, හද නැතී

අද ගිහින්, උඹේ මව
ගාව දනිහෙන්, වැටී
පෙන්නපන් වීර කම,
ගහපු හැටි, පරගැතී


නවත්තන්න

හිතට දැනෙන, එලියට එන
අපේ හැඟුම්, වලක්වන්න
බැරි වෙයි, වචනේට, විතරක්
සිමා කර, බලන් ඉන්න
ඒ හින්දා, පා..ලක යෙනි,
කරුණාවෙන්, සවන් දෙන්න
තොපෙ, පා...හර, කාලකණ්ණි
වැඩ, දැන්වත් නවත්තන්න


Saturday, December 20, 2014

පොලිෂ්

දනින් වැටෙන් නම් අම්මේ, වෙන්න සමා
හිතකින් නෙවේ, අකමැත්තෙන් ගැහුවේ මෙමා
දුන් අණ රැක්කේ නැති නම් හෙට, ගෙදර තමා
තේරුම් ගන්න අපේ කරුම‍ය සිරස නමා

"ගහපන් අරුන් ටික අවොත් හෙට පෙරට"
ඕඩර් ආවේ, ඊයේ රෑ ලොක්කාට
"කාලකන්නි හැතිකරයෙක්", බැන හිතට
ඔඩර් දුන්නේ හිතකින් නොව, ඔහු අපට

ගෙන තඩි පොල්ල, අත් දෙකටම පර කමට
සදවා මනස, තක්කඩි මැර වරු නමට
සමාවෙයන් රට වැසියනි, තොපි අපට
අවොත් ගහනවා හිත් පිත්, නැති ලෙසට


Tuesday, December 16, 2014

තුන් කොන

නුඹ, ඇය හා මම, අද තුන් කොන
ඇයට අදිසි මේ රැය, හෙට හිමි වෙන
දුරක වසනු අප කිම, ඇය විමසන
නුඹම කියන් සඳ මට, කළ යුතු, දැන

සෙනේ තාම මතකයි, පෙර හිමි උන
නුඹත් බලන් හිටි කල, අපි එක් උන
මා, නුඹ, මේ රෑය, ඇය තනි උන
වර නුඹ පහලට, මා සිත, සනසන


Respect

කුමට සැප
විඳිමි දුක
එදා මෙන්, අදත් අප
වගුරු මැද
කඳුරු බැඳ
දිවි පුදා රැක්ක රට

හිත හයිය
ගත හයිය
යෙදෙව්වත්
අදත් අප
හිත දුකයි
හද පෙලයි
කොහිද නිසි, ගෞරවය


Monday, December 15, 2014

මීදුම

මීදුමත් එක්ක මට, ලොකයේ තනි වෙන්න
සොබාදම්, මියුලැසිය සමඟ දොඩමලු වෙන්න
මිනිස් පුළුටක් නැතිව නිදහසේ, සැතපෙන්න
යන්න ආසයි යලිත් කඳු අතර නැල වෙන්න

සුපිරිසිදු මඳ සුලඟ හිත ඇතුලේ රඳවන්න
හෙමින් ලය රඳවමින් නිදහසේ නලවන්න
සොබාදහමේ සුවෙන් ටීකක් මට මත් වෙන්න
යන්න ආසයි යලිත් සඳ එක්ක පාවෙන්න


Thursday, December 11, 2014

දෛවය

එපා මට තිර සහිත මෙවලම්
ඇඟිලි තුඩකින් දමන සෙල්ලම්
එපා නෙක නෙක ඇදුම් මට නම්
දිනෙන් දිනයට පාට සායම්

එපා එක එක වචන ගැලපුම්
වලින් පැහූ  කෑම කඩ නම්
එපා මට ඔය ලොවෙහි කැටයම්
පතන්නේ එක් බත් කටක් මම්

ඉහට වහලක් ඇතිය මට නම්
මාළිගා පැතුවේම නෑ මම්
ඉතින් දෛවය කිමද සරදම්
පැතුවා මදිවද නුඹේන් මේ මම්


Wednesday, December 10, 2014

මනු දෙවුන්

වැටෙන කඳුලට නැතිව ලොබ කම්
හඩමි හෙමිහිට අඳුරේ මැදියම්
නගන කෙදිරිලි ඇලුනු බඩ, සම්
කෙලෙස ඉන්නද, උහූලාන මම්

පියා විරසක වෙලා ගොසිහින්
මවත් ලෙඩ ඇද ගාව කහිමින්
මමත් මඟ දෙස බලා, නිතැතින්
එනතුරා මනු දෙවුන්, මෙලොවින්


Tuesday, December 9, 2014

සත්

මනුසත් බව ලත්, උතුමන් කී, සත්
කපති, කොටති අප, මනසක් නැති, සත්
ලේ, මස්, ඇට, නහරින් අප සැදිලත්
නුඹට වගේම, දැනෙනවා, පොඩි රිදුමත්

මවකි මමත් තිබුනට, ගෙරි මුහුනත්
දැනෙති සෙනේ මට, නුඹෙ මව්, වගෙමත්
කපා දමා, විසුරා.. ලේ, යහපත්
මරා දමව්, තම , මවවත්, පර සත් .

Tuesday, December 2, 2014

බඹරෙකි

දැක, ඇය දෙනුවන
මගේ හද කැළඹුන
බව නුඹ, දැනගෙන
කිම තරහව ගෙන

වන මැද, තනි උන
මල් සුවඳින් මන
සිත කැළැඹී, යෙන
බඹරෙකි, යන එන

කියා, මෙලෙස බන
මා අතහැර යන
නුඹටම බැඳි සෙන
මා කාටද, දෙන

Friday, November 28, 2014

නුඹ මතකේ, හස රැල්

නුඹ මතකේ, හස රැල්,
පීදුනු දවසේ ....
මතකය, සිහිනැති, කරවා
ගෙන යන මොහොතේ....
තරමක් ඇතින් මා..., නුඹ දුටු, මොහොතේ...
දැනුනා පෙම්, සුවඳක්, මේ මහ නගරේ..


මතකද අප, හමුවු.. පෙම්, මද්දහනේ..
ගයනා කොවුලන්, නෑ
අප ලග සිටියේ,
නුඹ මතකේ, හස, රැල්,
පීදුනු, දවසේ ....
දිලේනා හිරු විතරයි, තනියට සිටියේ..



මතකයි, මට තවමත්, පෙරදා, සුවසේ..
දහඩිය, දැනුනේ නෑ, ගිනියම් සුලඟේ....
නුඹ මතකේ, හස, රැල්,
පීදුනු, දවසේ ....
නුඹ දුටු, විට සිහිලැල්, පවනක් හැමුවේ....

Wednesday, November 19, 2014

පැන්

වසපු සසරෙහි, කරපු පව් වල
පව් ගෙවන්නට, ඇවිදලා
යන්න ආසයි, බොධි මළුවට
ආයේ පාරක් පැන් ඉහා,
පෑගෙනා, බෝ, පත් වලට, පව්, ගෙවේ නම්
සිත සැනසිලා,
යලි ලබන්නට, නුඹම අම්මේ
පතමි උපදින, බව තුරා
පිතූ පාදන්,
පා සිඹින්නම්,
හෙට උදේටත්, නැගිටලා
හෙලපු දහඩිය, මළු ගනන් උඹ,
මා නිසා පෙර, වෙහෙසිලා
යලි ගෙවන්නට, නොහැකි වුවත්,
දීපූ ණය ටික,   මව, පියා,
පතමි මෙලෙසට, එතෙර වන්නට
මගේ පිනුත් ගෙන, සසෙරිනා

පඹයෙකි, මම

බැලු බැලු හැම, තැන
මට, විස කුරු මන
ඇන ඇන රිදවන,
හැටි හැබහින්, දැන

දැන දැන හැටි, දැන
ලොකයේ, ගැවසෙන
ගරුබුහුමන් වන,
ඉදිකටු ඇනගෙන,

එක එක, දවසට
මැරි මැරි, උපදින
ලොවට අනුව, යන
රෙදි පඹයෙකි, මම ( උඹ )



Tuesday, November 18, 2014

කඳුළු

බලා සිට නුඹ, එන තුරා
ගලා ගිය කඳුළැලි, එදා
හැලුනු මංපෙත් මතු, වෙලා
රැදී ඇත අද, වියකිලා

එන විටක නුඹ, යලි සොයා
පමා වැඩි බව, පසකෙලා
කෙලෙස හඩනුද, දුක පෙලා
කඳුළු අද ඇත, ගල් වෙලා



Wednesday, November 12, 2014

වචන

ගොත ගොතා, බොරු සිතා
රවටන්න, මා පතා
සිත සිතා, නුඹ ගොතා
කියූ සොඳ, රස කතා

සිත බලා, හද පලා
කවුද කොහේ, රැවටිලා
සල සලා ,සිත බලා
නෑ දුකක්, ඇති වෙලා

නඟා

නගා  මදහස, නඟා යනකොට
විදන් සිත අග, පැලෙයි හදවත
හවස් යාමෙට කුඹුර, අද්දර
පාට ගවුමට, ලස්සනයි නුඹ

ගොයම් කරලට, බැදුන සෙනෙහස
බැරිද මොහතක්, මටත් දෙන්නට
සුමුදු නුඹේ අත, දැඩිවු පොලවට
ගෙවු ණය ඇති, නොවෙද දැන් ඔය

හෙලූ දහසක් බින්දු, දහඩිය
ලඟට වී මට, සුවඳ දෙන්නට
කැමති නම් මට, දියන් බහ උඹ
ගොයම් කරලට, පෙම් බදින්නට


Monday, November 10, 2014

අකුර

තෙරෙන්නැති අකුරු ගොඩක
තනි වූ ඇලපිල්ලකි, මම
කීව විගස ඈ, හනිකට
විය මම තනි අකුර, හැඩට

ඇදපිල්ලට, පාපිල්ලට,
හිත ගියේ නැති මගේම, අකුර
අපූරුවට ගැලපුන හැටි
බලපන් හිස්පිල්ල හොදට


Thursday, November 6, 2014

සිඟමන

ඒදා කල පිං, මදිද මන්දා
මෙදා පා නැති, දුකත් වින්දා
වැදූ දූ දරු ගෙදර, රන්දා
තනිව මා කළු, පොලව සින්දා

යනෙන මහතුන් ටිකක්, රන්දා
මගේ දුක ගා හිතත්, බන්දා
ලැබෙන සොච්චම බඩට, වන්දා
දෙපා කොට වන වනා, වැන්දා

මසට සැරයක් බෙහෙත්, රන්දා
රජයේ රොහල්, ගානේ කැන්දා
දෙපා නැති මට, තුන්ඩු බන්දා,
ෆාමසිය ලඟ, කොහෙද මන්දා..?


Thursday, October 30, 2014

"Hangover"

කැරකේ සිත බඹර මතින්
තවමත් වෙදනා දෙමින්
සිහිවේ ලැබු පෙම නුඹගෙන්
විඳ මත් වුන හැටි මොහොතින්

පෙර දිනයක සතුටු වෙමින්
ලද මතකය තවම සොදින්
ලාවට හිත කරකවමින්
එපා කියයි පෙම් මී පැන්

Wednesday, October 29, 2014

රෝගාතූර පෙම්වතිය

ගෙන නුඹේ මුදූ අත
මතකයි තවම, පෙර කල
ඇවිද ගිය මතකය
කෙලෙස අමතක කරන්, මම නුඹ

නෑදෑ, හිත මිතුරු කැළ
කීවත්, යන්න හැර නුඹ
කියන් මට හදවත
කෙලෙස ඉන්නද නැතිව, මගේ පන

ජීවිතේ මාවතේ
නුඹ ඉන්න කාලයේ
යමි නොහැර, අත නුඹේ
ලගින් හිඳ වෙමි සවිය, නුඹේ ලොවේ

Tuesday, October 28, 2014

මන (මනස)

සිහින සුදු කළු අතර තෙරපෙන
හුදකලා වූ, ලොවක ගැවසෙන
නුඹේන්, ලං වී අසමි සෙමිහින
කොහිද නුඹ සිත, විටක රැවටුන

කළු වළාවන් අතර ගැවසුන
රිදී ඉර මම, එළිය විහිදුන
මිනිස් විස දුම් වැදී වියකුන
සිතකි අද මම, ලොවේහි තනිඋන

කෙලෙස වලකනු හිනා පොදි, එන
උඹේ ජිවිත කතා, දැනගෙන
නැගී හිටහන් ගසා කුණු, ඝන
වසන්නට තැත් කරන කල, දන

වෙයන් සවියක් ඇති තැනට, හෙන
දියන් හෙවනක් නැති තැනට, දැන
ගනින් සිනහව බලෙන් නොව, දෙන
දිලෙයි නැවතත් නුඹේ ඔය, මන

Thursday, October 16, 2014

පාට කණ්ණාඩි

පාට කණ්ණාඩි ලොකයක,
ඔයයි මමයි
පිලිවෙත් හොයන යාමයක,
රටයි  දැයයි
බිනර මල් පිපෙන මාසයක,
සිතයි කයයි
දෙකම හංගාන සමුගනිමි,
නුඹට සුබයි 

Wednesday, October 15, 2014

එකියක් (මමත්)

විඳි පෙම් සුවය, නුඹ හා මම, පෙර කලක
සිහියට නැගෙයි, පාසල් පෙම, හිටි හැටිය
සමු දුන් නමුදු ආගම මුල් කර, ගෙදර
නුඹටම කියමි, මේ දුක මම, විඳි ගැහැට

හිටියත් මගේ සොහොයුරු ඒ කල, නමට
දුන් දස වදය නිදහස අහුරා, මේමට
මව් අසරනයි මම මෙන් එදවස, එමට
කිල පව කිමද දෙවියනි, කිව, මම නුඹට

නැහැ නිදහසක් එලියට මට, බසින්නට
මගේ යහලුවන් හා සමගිව, සිටින්නට
එකත් කමක් නෑ, ආගම, රකින්නට
පැතුවේ ඔබේ..  සතුටයි මම, විටින් විට

අම්මත් යටයි බැඳ යදමින්, ආගමකින්
පිය සෙනහසත් යට කරමින්, කල පවකින්
පාවා දුන්නේ මා තිරිසන් ගති, බෙහෙවින්
ඇති මිනි,සෙකුට, නැති හදවත, තෙත් බවෙකින්

කොහොමද කියන්, මම ආලය කරන්නේ
අත්සන් කරත්, මම හිත් ඇති කෙනෙක් නේ
හවසට ඇවිත් මගේ සියුමැලි ගත, කන්නේ
ඉවසනු කොහොම අම්මේ.. මම, නැත දන්නේ

කෙරුවත් දමා දහිරිය, දිවි ගෙවන්නට
මිනිහා දන්නේ නෑ, ආලය කරන්නට
බැන්ඳත් ඔනේ, මට, අතවර කරන්නට
ඌගේ, ගැහැණු ගොඩ එකියක් කරන්නට

දෙමසයි බිලිඳු මගේ කුසයට, ඌ දිපූ
එක දවසක් නැත, ආලෙන් මා, ඇමතූ
පල නෑ පුතේ.. මේ ලෝකෙට, නුඹ ආපූ
ඇබ්බැහි උනා මා, කුඩු මගේ, ලොව සැනසූ


Tuesday, October 14, 2014

දියුනුව

උදයට ට්‍රැෆික්, කම් නෑ දියුනුව, එන්නේ
කිය කිය මාස ගානක්, බසයේ යන්නේ
බැලුවම තවම මුල් තැනමයි, හදවන්නේ
පුදුමය එකම තැන, මොනවද කරවන්නේ

යද්දී රෑ වෙලා මම එක දවසක්, දා
මුන ගැසුනා නේ, වැඩ කරනා අයෙක්, ඒදා
අයියේ මොකද වැඩ ටික දැන්, වෙන්නේ මෙදා
ඇහුවා කුකුස නැති වෙන්නට, හිතත් හදා

පාරත් කඩනවා, තාරත් යලිත් දමා
අයෙත් මිම්ම වැරදුන විට, කඩයි මෙමා
අපිටත් කුලිය හම්බෙනවනේ, ටිකයි පමා
උඹලද බොන්න දෙන්නේ මට, අහයි සිමා

වලවල් ගොඩ දමා ඒවා, යලි හාරයි
පාරත් කඩ කඩා තාරත්, එහි ගාවයි
දුවිලි මාරයා මෙහේ දැන්, සරු සාරයි
රින්ගා ඇගට ටික ටික මගේ, සෙම කාරයි

ක්ලියෝපැට්ට්‍රා

නිල නොවු ආලයේ, පිරමීඩ පාමුලේ
කරපු පෙම සිහි වේවි, වැලි පිරුන සාගරේ
ඔටු ලකුණු මාවතේ, අපි ගියපු කාලයේ
මතක කඳු, යාවේවි, ඉර බසින යාමයේ

ඉමක් නැති සාගරේ, වගේ.. අප ආදරේ 
මතක ඇත තවම මට, රජ පුරුෂ, මාළිගේ
වැට කඩුළු රැක සිටිය, නොවනතින, ආදරේ
නුඹයි අද රැජින රට, කිම කඩුලු, මාවතේ

Sunday, October 12, 2014

කළු ඇදුම

දුටුවම සිනා කැටි කර පොඩි, දුව රඟන
නිදහස් බවේ අර්ථය, නුඹ නොම දන්න
විදපන් දුවේ දිවියේ කඩ-ඉම, ඉන්න
තව ටික දොහයි කළු ඇදුමක, සිර කරන

දුටුවම දුකයි මටනම්, තේරෙන්නේ නැති
මේ ගිනි අව්වේ ඇවිදින්නේත්, සොවින් අපි
මට තේරෙන්..නේ, නැති දෙවල්, ගොඩක් ඇති
පෙර රජ දවස, ඔය නිදහස තියෙන්, ඇති

හොබවා නුවන මතු දවසක දැන කරුණූ
වෙනසක් වෙන්න නුඹටත් නිදහස දැනුනූ
බිහි වේවා නැණ ගුණයෙන් ඔප දැමුනූ
මහ තැන් පෙලක්, නිදහස ගෙන එන, තුරුණූ

පිං කෙතක්

දළ ඇතුන් නිබඳ සරනා
පිං කෙතක් අපිට තිබුනා
තව දොහක් යන්න කලිනා
වෙන එකෙක් කියනු, පෙනුනා

සුපිරිසිදු සුලඟ හමනා
මහා කැළැ අපට තිබුනා
උල්පතින් වතුර විදිනා
කාලයක් මෙහෙත් තිබුනා

ෆිල්ටර් ජලය නැති
බිය නැතිව හුස්මගති
තවම මට මතක ඇති
තවත් මතුවට, එවන් දෑ නැති


ප.ලි


වරෙන් මගේ, පුත
බලන් අර දෙස, 
ඉගිලෙන සමනළ්ලු,
ලස්සන හරිත වන, මැද...,
පෙනෙන අපූ..රුව, පුළුල් තිරයට.


Thursday, October 9, 2014

නුඹ හා, මම

නැතිදා, නුඹ
දිව යයි, හද
එක හවසක,
අතීතයට.

නුඹ හා, මම
අතිනත ගෙන,
නො ඉඳ, ගෙවුනු, ඒ...,
සොඳුරු මොහොත.

Monday, October 6, 2014

මැරියන්

එක එක මනාපය හිඟමන් යැද කදිම
ඇදවූ කොන්ද දික් කරගෙන දිනුවාම 
ගෙන පුස් බලය ඔලුවට කෑ ගැසුවාම
එලි වෙයි නේද නිරුවත් කම, උඹේ ඔහොම

ප්‍රයිවට් වලට යන්නේ බිම උලාගෙන
රජයේ කොල්ලො ටික හිඳි, දිය පලාගෙන
උඹලත් බොලන්, දිපන් කැට, කඩාගෙන
එතකොට ඒවී මුන්, නගුටය, වනාගෙන

නිදහස් අකුරු කෙරුවාවක, අවසාන
බලමින් ඉන්න ඔනෑ නම් මුන්, ගෙනෙන
ප්‍රයිවට් කරපු සිසුවකු වන මම, කියන
මැරියන් නොදි ඡන්දය මුන්, මතු දිනන

Saturday, October 4, 2014

"මතක මං පෙත",

වසර ගනනක්, හිතේ රැන්දූ
මතක එක එක, අරන් එල්ලූ
"මතක මං පෙත", නමින් සැරසු
මතක වෙන්දේ...සියකි, ලන්දූ

එන්න පසු පස, එකිනෙකා ගේ
ගන්න මතකය, තෝරා, නුඹගේ
නැහැනේ මන් නම්, අය කරන්නේ
අරන් පලයන් මතක, රිසි සේ

දවස් ගානක්, පරන මතකයි
මාස අවුරුදු, ගෙවුනු මතකයි
මෙවා ඔනෑ, නැතිම මතකයි
අරන් යනු මැන, තවම මතකයි....

රෝස දෙකොපුල්

රෝස දෙකොපුල් සමග කම්මුල්
රැගෙන යයි මා, සිතම නොඉදුල්
සැලෙන විට නුඹේ, දෑස නිලුපුල්
කියන් කවුරුද, නුඹද, කඩුපුල්

නෙරිය වට මගේ අත එතෙන්නයි
ලඟට ගෙන කවි බස් කියන්නයි
බැරි උනත් නුඹ ලඟට එන්නයි
සිත මගේ ඔය දෙතොල් අගමයි

කතර මැද දියක් පොදක් වන්මැයි
ගනදුරට පෑ, සඳත් නුඹ මැයි
කියනු කෙලෙසක මගේ වන්නැයි
දුර කතර ගෙව ලඟට  එන්නැයි

Wednesday, October 1, 2014

අරමුණක් නැති

අරමුණක් නැති පෙලක් ජීවිත
ඔහේ පාවෙනු දැක මගේ සිත
මගෙන් විමසයි පලක් වෙවිද
අරමුණක් නැති කලදි දිවියට

උඹට කිව්වට මගේ පොඩි හිත
ටිකක් හිතපන්, රැවටිලා උඹ
සිතා හිටියත් අරමුණක් නුඹ
මිලින වී ගොස්, ඇතිය මුල් ටික

එසේ පවසනු එපා නුඹ මට
තවම දළුලයි, එහිත් ඉඳ හිට
වෙනත් අරමුණු පලක් නෑ මට
බලන් ඉමි ඵල දරන තුරු මම

අනේ පලයන් මොඩ මගේ හිත
තවම හැදිලා නෑ, නොවෙද උඹ
වැඩක් නෑ උඹ බලන් හිටියට
වෙනත් අරමුණු ගනින් අද සිට

සීතලයි අද

වැටෙන සීතල වතුර බිඳු මට
මවා පෙන්වයි රතු දෙතොල් පට
හැකිද මොහොතක් දැවටෙන්න කට
ඇසුනු කොඳුරනු බිඳු වතුර මට

කවුළු වල පොර බදන සිහිළැල්
සුළං ගෙනෙනා මතක නිකැළැල්
උනුසුමට ලය හොවා නෙතුවැල්
ඉන්න පොරකයි සිහින් සිතුවැල්

මවා රුව සිත අහස් කුස තුල
රටාවට වැටෙනා  සිහින් පොද
මකා දමවයි සෙමින් ඔය රුව
බැරිද දිව එනු, සීතලයි අද

එන තුරා..

බලා සිට, එන තුරා මඟ තොට
දෑස කකියයි නුඹ නිසා...

කුසට අහරක් වතුර උගුරක්
තවම නෑ, කිම නුඹ පමා...

වෙලා පසු වී නැගෙන දුහුවිලි
කඳන් තැවෙරෙයි, ගත පුරා...

සිතත් විමසයි, තවම ලතවෙයි
බලා සිටි නුඹ, එන තුරා.......

Tuesday, September 30, 2014

ඒකල

ඒකල මගේ, ප්‍රිය සොඳුර,
බලන් නුඹ හැරි, පසුපස
පේන දුර අතීතය,
අරන් මුල සිට, හමුවු දා සිට...

ඇවිද ගිය, තණ පිඩළි,
පසු කරපු, දිය කඩිති,
බලන්, අර බිම වැතිරී,
ගලන ගඟ තව, වේය සුමිහිරි...

රතු පාට මල් ගවුම,
සුදු පාට සඳ මුහුන,
කරයි, කරදර තවම,
සතුට මයේ සිත, නැතිවු දා සිට.....


Monday, September 29, 2014

සැතපෙනවාද ?

ගෙත්තම් කල රෑක
සිත්තම් කල දෑස
වත්තම් ගත ගාව
එන්නද එක දාක

නැත්තම් රතූ පාට
කම් නෑ නුඹ මුවට
ගෙන උනුසුම හදට
දෙන්නම් මම පාට

ගනිමින් තරු අහස
තරු නොපිපුන රෑක
මගේ උරහිස ගාව
නුඹ සැතපෙනවාද ...

Friday, September 26, 2014

යදම්

කිමද මේ වෙනසක්
නුඹත් වේවිද මිනිසෙක්
යදම් දා දවසක්
නොවේ හිඳ බල, නුඹත් වරුවක්

පෙරදින දවස මා
උන්නේ මවුගේ තුරුලේ මා
නුඹම, ඇය බිම දමා
අරන් ආ, මා යදම් දම්මා


Thursday, September 25, 2014

නිදහස

සතුටුයි පුත, සතුටුයි මට
හිනා පාන නුඹ දැක අද
නිදහස, උපරිමට විඳින
නෑදෑ සෙනෙහසද දන්න

එන්න තවත් හිනා වෙන්න
මා බලලා සතුටු වෙන්න
නැහැ ඵල, මගේ දිවියට වෙන
මේ වීදුරු ලොවේ වසන

පාට කරපු කඳු බලන්න
නොසැලෙන දිය පොද විඳින්න
පින් කර ඇති මම පොඩි පුත
නුඹව මෙලෙස හිනස්සන්න

Tuesday, September 23, 2014

"කැන්සර්"

"කැන්සර්", හොඳ වෙන්න මම පාරට බහින
හොදැවින් පිරෙන්නට අද කෙල්ලන් සිටින
යන්නට ඔනා උත්තම මේ පා ගමන
ජොලියක් ගන්න පොඩ්ඩක් බී, උදෑසන

නෙක නෙක අක්කලා, කෑ මොර ගසා ගෙන
උත්තම බයිලා කිය කිය පාරේ නටන
අනේ මේ පිනෙන්, පිළිකාවෙහි දුක නැසෙන
පතමි එලස වන්, ටැබකුත් දමාගෙන

අරමුණ හොඳයි නෑ දොස, මම පවසන්නේ
කැත යන හැටියි මුන් නෑ, දුක හදුනන්නේ
නෙක අරමුණුයි, එන උන් වෙන, ෆන් ගන්නේ
දිය, ලේ බිඳක්, අරමුණ හොඳ මිනිසුන්නේ

ලයිසම

පැතුවේ.. එකම පැතුමයි
රජකම නම්, නොවමැයි
ලාවට කන්න ගමමයි
එයත් දුන්නේ නෑ.. ලැබුනේ දුකමයි

ගෙයින් ගෙට ගොස්, හැමවිට
මනාපද මට, ඇසු විට
කිවේ උන් එක ලෙසට
මනාපයි අයියන්ඩි, උඹහට

ලෝකයම අනිත්‍යයි
ඡන්ද පොල නම් තිත්තයි
මට ගැහුව උන් එමටයි
නමුත්, ගණනින් හතර පහමයි

දුකක් දැනුනත්, හිතට
යමි යලි, තැබෑරුමට
කල මගේ.. සේවයට
දෙන්න ලයිසම, අනාගතයට.


ප.ලී (රහසින්)

බලගෙන මම ඉද්දි
ඇවිත් ගමේ, කළු මල්ලී
මාරු කර දැමු, පෙට්ටී
ගිහින් එන්නම්, කීවේ හිනැහී....

Monday, September 22, 2014

අනන්තය

සිහින් නුඹේ, අත් යුග
සෙමින් මම අරගෙන
ඇවිද යමි හෙට දින,
පෙනෙන, නොපෙනෙන, අනන්තය වෙත

සෙමින් හද තෙරපන
නුඹේ නිල්, නෙතු යුග
දුටු විලස මගේ.. හද
නටති හරි කදිමට, වේග රිද්මෙට තබා පා යුග..

පිනි බිඳුව

ඔබ පිනි බිඳුවකි, 
සිසිලස ගෙනදෙන
එලියට දිදුලන,
රස්නෙට පැනයන

අගයක්, ඇති මුත්
මොහොතක් පවතින
රසයක් නැති මුත්
දෙතොලම සනසන

ඔබ පිනි බිඳුවකි,
සැනසුම ගෙන දෙන
එනමුත් සැනෙකින්
නොපෙනි සැඟවෙන

Thursday, September 18, 2014

බං

කතා කරන දෑස් වලට
පාට කරපු කෙහේ රැල්ලට
ආල වඩන කතා බහට
කෙලෙස, කොහොම සමු දෙන්නද

තත්පරයක් තනි වෙන්නට
හීන් හඩින් හින හෙන්නට
යලි ආසයි හමුවන්නට
හෙටත් මෙලෙස නුඹ එනවද.... බං.

Tuesday, September 16, 2014

තරුවක්

රතුම පාටට, චූටී තරුවක්, දිලී... තිබුනා තරු, වනේ...
අරුමයකි ලොව, මෙහෙම තරුවක්, දැකල නෑ... මම කිසි දිනේ...
රතට ලොබ කම්, කල බැවින් සිත, බලා.. සිටියා... පා.. සෙනේ...
ගොඩනැගිලි උඩ, දිලෙන පහනකි, නැගෙද්දී... හිරු, වැටහුනේ...

නිදි වරා... රැය, බලා... සිටි පැය, ගණන් කර, මම දුක් උනේ...
කුමට දුක් වෙනු, හොදවෙලාවට, උදෑසන හිරු පැමිනුනේ...
සිතින් සිතුවට, රැයේ නිදිමත, හද පෙලයි, තාමත් අනේ...
ගිය නින්ද බෑ..., යලිත් ගන්නට, යලිත්, නොම කරහන්, සෙනේ...

සොරෙක්

උසස් මනසක් ඇති,
සිරුරෙන් මිනිස් හැඩ ඇති,
තියුනු ආකල්ප ඇති,
සොරෙක් වෙති නුඹ, මිනිස් ගති ඇති..

පෙනුනට ලස්සනට,
හිනහුනත් නුඹ, සැම හට
කිමද පල නුඹ හට,
මගේ දිවියම සොරා ගත් විට...

මගෙත් එක වරදකි,
දුටුවම හිතුනි, ලඳකි
තිබුනේ... එකම සිතකි,
අඟුල් හැර දා කලේ, පවකි....

Thursday, September 11, 2014

පොළවේ පය ගහන උන්

නුඹෙන් ලද උණුහුමෙන්, පන්නරෙන්, ආදරෙන්
වදමි මම දරු පොකුරු ගෙන යන්න රට කෙලින්
ඇගෙන් ලැබු සෙනහසින්, යුතුකමෙන්, දහිරියෙන්
හදමි මම, වදපු, උන් කොඳු කෙලින් සිටින මෙන්

පන්සලෙන් පාසලෙන් ලැබූ... ගුරුහරු සොදින්
දෙමිය තොරන්ට මම, උන්ට රිසි වන ලෙසින්
නැතිව කර උන් කූ...ඩූ, වදින්නට පා බිමින්
යන්න මම ඉඩ දෙමිය, හොඳ නරක දැන මොලෙන්

වදින්නට පය පොළව නොදමවා පාවහන්
නටා මා දූ...විල්ල, මඩ පිරුණු පය වහන්  
දනී අද එහි අගය, නොවී ලෙඩ දුක් විහින්
බිහි කරමු මතු දැයට, පොළවේ පය ගහන උන්

Monday, September 8, 2014

හෙට

පිං නැති ජිවිත අව්වට වේලෙන
යන එන මහ මඟ, බොරුවෙන් රජ වෙන
අපිත් නොදැක්කා සේ මෙහි ගැවසෙන
වෙනසක් කල යුතු වෙයි අප, හෙට දින

අම්මා තාත්තා අමුවෙන් විකුනන
මව් පිය, දූදරු ගෙදරම කෙලෙසන
සෙල්ලම් තුවක්කු ගෙන අප වනසන
පිහි එමටයි කඩු ලෙස අද හැඩවෙන

කල යුතු වෙනසක් අත්වැල් බැඳගෙන
අප රට ගති ගුන සැම, අප රැකගෙන
තරුණ ජවය ඔනෑ හෙට රජ වෙන
පිටු දැකුමට ජඩයන් රට කෙලවන

කාපට් හදවත

"හෆ්ෆා පාරේ තියෙන වලවල් ගොඩ මේ මගුල කවදා හදල ඉවරවෙයිද දන්නේ නෑ... "

අද ඒ පාරේම මාස ගානකට පස්සේ යද්දී මගේම වචන පෙල මගේ මතකයට ආවා. ඔයා නිසා දැන හැදින ගත්ත ඒ වලවල් තිබ්බ චාටර් පාර, අද නම් ෆුල් කාර්පට් කරලා. ඒත් ඔයා...., පාරේ වලවල් වැහුනට, ලස්සනට කාර්පට් කරල තිබ්බ අපේ හිත් දැන් ඇවිදින්නවත් බැරි තරමට වලවල් වලින් පිරිලා... කාලයක් යද්දි මේ පාර වගේම හිතේ වලවලුත් වැහිල යයි, එත් තාමත් මම ඒ අතීතයට ප්‍රේම කරනවා.

අදත් මම පානදුරේ පහු කරද්දි උදේට කාලා හිටියේ නෑ, එදා වගේම. හැබයි එදා නවත්තපු කඩේ මට අද බයික් එක නවතන්න හිතුනේ නෑ, සෙනඟ වැඩි හින්දා නෙවේ මතක වැඩි හින්දා. හරිම සුලු කරුණු ජිවිතයට බලපෑම් කරන හැටි හරිම පුදුමයි, ආකර්ෂනියයි. වෙලාවකට ඒගැන හිතද්දිත් මහා මොඩ හැඟිමක් නේද කියල හිතෙන්වා, හරියට කළුතර බොධියට ඔයා පඬුරු දාපු කෑටේ නැතිව වෙන කැටයක් ලඟ නවත්තලා ඒ දිහා බලගෙන කැටයකට පඬුරු දානව වගේ දෙයක්. මම ලඟදි කොහෙ හරි දැක්කා පළමු ආදරය නෙවේ අමතක කරන්න්න බැරි, හිතට දැනූනුම ආදරය කියලා. ඒත් අපි දෙදෙනෙක්, ඔයගෙත් මමගෙත් මේ පලවෙනිම ආදරය නෙවේ. ඒත් මම හිතුවා මගේ නම් හිතට දැනිච්චම ආදරය කියලා... ඒත් සමහර විට ඒක ඉස්සරහට වෙනස් වෙයි. මේ කතාව කියන්න හෙතු වුනේ විරහව නෙවේ.. විරහවේ සුන්දරත්වයයි. මම වි හැඟිමට ප්‍රේම කරනවා, මොකද විදවනවාට වඩා එක ලෙසි හින්දා.....

ඔබත් කා නිසාවත් ජිවිතය විඳවන්න එපා.. ජීවිතය විදින්න උත්සහා කරන්න. ආදරයක් කියන්නේ ශක්තියක්, අපි ආදරය කරන්වා කියන්නේ ඒ ශක්තිය විශ්වයට මුදාහරිනවා කියන එකයි. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව ඒක කවදා හරි ඔයාට ලැබෙවී. මම ඔය පන්ඩිත කතාව කීවේ මට මතක හැටියට ගොඩක් කාලෙකට කලින් කාගේ හරි හිත හදන්න.

මේක මගේ හොඳම යාලුවගේ කතාව පමනක් නොවෙන්න පුලුවන්, තවත් බොහෝ අයට මේ කතාවම තියෙන්න පුලුවන්, එත් උගේ තාමත් හිතේ තියෙන්න මේ ආදරය, මගේ ඇඟට අරගෙන මම මෙහෙම ලියනවා...

නුඹ මා මැණික ආදර රන් තොටිල්ලේ
සතපා රකිමි නා රජු මෙන් ඉවසිල්ලේ
වැළපෙන කඳුළු හංඟා මගේ නෙත් පත්ලේ
දුක නොම දෙම්ය මගේ පන වැනි සුදු කෙල්ලේ

ආලය වැඩි හදවත තුල නොම දාරයි
ඉස්සර වගේ නෙවේ කඳුළැලි දඟ කාරයි
හදවත මලක පෙත්තක් මෙන් මෘදු කොමලයි
පොඩ්ඩක් හෙලෙව්වත් හනිකට හිත පෑරෙයි

ඉල්ලනු බැරිය මා ලඟටම එන්න කියා
මවපු සිහින, ඉටු කරගෙන ඉන්න ඔයා
ඉන් පසු ඉඩක් ලැබුනොත්, මගේ මැණික සුදා
එනු මැන ලඟට, මඟ බලමින් ඉන්නේ මෙමා


නිමි. (බොරු කොලම්)

Sunday, September 7, 2014

මනක්කල්පිත ප්‍රේමය

සත්සරනි බාග්‍යා වික්‍රමසින්හ... පොඩි කාලේ උදේ පාන්දර ඇහුන ඒ සුන්දර නම, මට අද වාගේ තාමත් මතකයි. බෙල්ලේ වතුර බොතලේ බැන්දගෙන මාත් එක්ක උදේට පාසල් එන මගේ හොඳම යාලුවගේ නමම, පනිතියේ ටිචර් මුලින්ම කියද්දි හිතට හීන් ආඩම්බරයක් දැනුනා. මම පහේ විභාගෙන් පාස් වෙලා කොළඹ ගියාට පස්සේ මට ඒයාව හම්බෙන්න විදියක් තිබ්බේ නෑ, ඒ කාලේ අපේ පුංචි හිත් වල තිබ්බේ ආදරයකට වඩා මහා ලොකු සහොදර කමක්.

කාලය ඔහේ ගෙවිලා ගියා දවසක් මම  ගියා බුක් ෆෙයාර් බලන්න.. ඒ මගේ යාලුවෙක් එක්ක, පොත් බලන්න නම් නෙවේ යාලුවගේ පෙම්වතිය එනවා කියලා එයාව බලන්න.. ඒ කාලේ අපිත් දිග කලිසම් මුලින්ම ඇදගෙන ඉස්කොලේ ගියේ කාලේ, ඇවිදින්නේ නිකන් ටැමිල් ෆිල්ම් වල නලුවො වගේ, මැරයෝ කොච්චර වෙඩි තිබ්බත්, හීරිමක් වත් වෙන්නේ නෑ වගේ, දැන්නම් මතක් වෙද්දිත් හිනා යනවා. කොහොම කොහොම හරි අපි දෙන්න සෙට් වෙලා පැයක් විතර කට්ට කැවට පස්සේ යාලුවගේ ගර්ල් තවත් ලස්සන යාලුවෙක් එක්ක ඇඹරි ඇඹරි අවා, මෙක පුංචි දූපතක් වෙච්ච එක ගැන ඒ වෙලාවේ මම තරම් දෙයියන්ට පිං දුන්න කෙනෙක් නැති වෙන්න ඔනේ අනිවාර්යෙන්ම. අවුරුදු ගානකට පස්සේ ආයෙත් මට සත්සරනි බාග්‍යා වික්‍රමසින්හව මුන ගස්සන්න තරම් මුහුදෙන්ම වට වෙච්ච මගේ රට මට ආශිර්වාද කරල තිබ්බා, හැබයි එදා නම් මට කිසිම සහොදර ප්‍රේමයක් නම් දැනුනේ නෑ. රතු මල් ගවුම ඇදන් ගඟ අසබඩ මම එනකන් ඉන්න ලස්සනම ලස්සන චූටි බොනික්කියක් වගේ තමා මට එයාව ඒ වෙලාවේ පෙනුනේ, මමත් හිතුවේ මම ගඟ ගාවට ඇවිත් එයාව හඳට උපමා කරලා කවි කියනව වගේ එයාට මාව පෙනේන ඇති කියලා, කරුමෙට අඩුගානේ මාව මේ කෙලි ගනන්වත් ගත්තේ නෑ. ඉතින් ඒකාලේ අපිත් ඇන්දේ දිග කලිසම්, ඉතින් අපි වෙයිද සෙකන්ඩ්.

කොහෙම හරි යාලුවයි කෙලියි මුකුළු කර කර හිටියා, මමයි සත්සරනි බාග්‍යා වික්‍රමසින්හයි පොත් බැලුවා හරියට ජිවිතේටම එදාම අඳුර ගත්ත දෙන්නෙක් වගේ...

එත් එයා මට හිතින් කිව්ව කවි මට අදටත් හොදටම මතකයි...
තරහ වෙන එකක් නෑ මම හිතන්නේ  මෙතන දැම්මා කියලා. ඔන්න මේ "එයා" කියලා දාන හැම කවියකගෙම කොපි රයිට්ස් එයාගේ.. ඉස්සර නම් එයාගේ කියන්නේ මගේ වගේ තමා ...

එයා :
ඔය දෑතට තුරුළු වෙන්න
ඇහිපිය යට මලක් වෙන්න
සිනහ පිරුණු සදක් වෙන්න
ඔය හිත මට ටිකක් දෙන්න

මම :
සඳ සාවිට නුඹ කියන්න
හෙට වැඩියෙන් හිනාවෙන්න
නුඹේ තුරුලේ ඉඩ තියන්න
මට ටිකකට වහන් වෙන්න

එයා :
තරු වැල් මත වාඩිවෙන්න
සද සාවිට බහක් දෙන්න
ඇකයෙ ඉදන් කවි ලියන්න
එන වෙලාව මට කියන්න

මම :
සැඳෑ අදුර ලඟට වෙන්න
හයහා මාර විතර වෙන්න
ඇල දෙවටේ මුණ ගැහෙන්න
සඳ පානේ හෙටම එන්න

එයා :
අත වට බෝරිච්චි වෙන්න
ලාවට රතු පාට වෙන්න
මල් ගවුමෙන් සැරසි එන්න
ඔබ කැමතිද' මට කියන්න

මම:
සුන්දර රුව දිදුලවන්න
කැමති ලෙසක ඇදන් එන්න
ඇඳුම නොවේ මට බල්ලන
නිල් නෙතු යුග අරන් එන්න

එයා:
සද එළියෙන් නෙතු බලන්න
තරු එලියට සිනා සෙන්න
කුමුදු මලේ පෙති කඩන්න
උරහිසෙ ඉඩ තියාගන්න

මම:
අතැඟිලි එකිනෙක ගනින්න
හිත පොඩ්ඩක් කොනිත්තන්න
බොරුවට නුඹ තරහ වෙන්න
නුඹේ නලළත සනසවන්න

එයා:
සද සේලෙන් වෙලා ගන්න
ඔය පපුවට තුරුල් වෙන්න
උණුසුම හිත තවර ගන්න
තව පොඩ්ඩක් ලගට එන්න

පොඩි වෙලාවක්  යද්දි රිදම් එකත් වෙනස් උනා.. කොහොම උනත් කෙලින් කියන්න බැරි ගොඩක් දෙවල් කවියෙන් කියන එක කොච්චර ලෙසිද...

මම:
දැන්නම් ගැහෙනවා හද මගේ හැටට හැටේ
මැවිලා පෙනේනවා මම හෙට නුඹ තුරුලේ
අතැඟිලි නුඹේ පිරයි මගේ හිස් මුදුනේ
මම කල පින කියන් ලැබුමට නුඹේ සෙනෙහේ

එයා:
නොකියනු කුමර මෙලෙස ම'සිත් රිදවන්න
ඔබ නොව මම කලේ පින් ඔබ ලැබගන්න
හෙට කී වෙලාවට නොවරදවම එන්න
පෙර මග බලන් සිටිනුය නුබ දැකගන්න...

මම:
තත්පර කට්ට ගාටනවා යන්නේ නැති
සඳත් තාම හිනෙහෙනවා බහින් නැති
පැය ගල් වෙලා හිත සමගම හිතෙන් නැති
තනි රැය මෙලෙස ඉවසමි මම නුඹත් නැති

නිමි.

ප.ලි
කොහොමහරි  කවි වලින් පෙම් කරනවට වඩා තාත්විකව පෙම් කරද්දි , අතාත්වික ලොකයේ තාත්වික කම රකින්න හරි අමාරුයි...
(මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිත )

Friday, September 5, 2014

සමනළීගෙන් කොල් එකක්

ආදරය කරපු නුඹට සමාව දෙන්න හදද්දිත්
බොරු කරන එක වාව ගන්න බෑ......
මම මෝඩයෙක්ද ?
නැති නම් ආදරෙයෙන් මුලා වෙලාද?
තාම තෙරුම් ගන්න බෑ...
එක්කො මාත් මගේ පාඩුවේ,
බොරුවක් කරගෙන ජිවත් වෙන්න පුරුදු වෙන්න ඔනේ..
එතකොට අනිතිමේදී මොකක් වෙයිද?
අපි බැන්දාම ජිවිතේ සාර්ථක වෙයිද ?
ඔන්න ඔය ටික හිතුනේ සමනළීගෙන් කොල් එකක් ආවට පස්සේ,

මම : හෙලෝ කියන්න ....
සමනළි : ඔය මොකද මේ දහ දොලොස් පාරක් මට කොල් අරන් තියෙන්නේ.. ඔයා දන්නේ නැද්ද මම කොල් එක අන්ස්වර් කරන්නේ නැත්තේ, මට සනීප නැති නිසා කියලා.. ඔයාට ඔච්චරම මාව විස්වාස නැද්ද..

කරපු ආදරේ වැරද්දක් වෙන්න ඇති මට හිතුනා... ඒයා අහපු දේට උත්තරයක් දෙන්න තරම් පනක් මගේ ඇගේ තිබ්බේ නෑ.. මම දුරකතනය විසන්දි කලා..

පැත්තකින් වාඩි වෙච්ච මම උදේ ඉදන් වෙච්ච දේ ආයෙත් මතක් කරන්න ගත්තා..

උදේ පාන්දර මට දාලා තිබ්බ මැසෙජ් එකෙන් මාව තිගැස්සිල  ඇහැරිලා, නිදි මත කොහේ ගියාද කියල හිතා ගන්න බැරි වෙන්න, යන්න ගියා.. වෙනදට එලාම් එක කන ගාව පහුරු ගාද්දිත් ඔහේ ගානක් නැතිව නින්ද යන මට .. ලාවට දැක්ක අකුරු ටික සැහෙන බලපෑමක් කරා. "මට සනීප නෑ, ඔලුව කැරකෙනවා වගේ. මම අද වැඩට යන්නේ නෑ".. ඔකේ මුල් වචන වලට තිබ්බේ එලාම් දහදාකටත් වඩා වැඩි බලයක්.. ඒ වෙලාවේ ඉදන් මම පිස්සුවෙන් වගේ කල් ගත කරේ.. කොල් කරා ගන්නේ නෑ,එතකොට තවත් ඔලුව පිස්සු නටනවා බාත් රූම් එකට ගිය වෙලාවක වැටිලවත්ද..තවත් මොලේ කුරුවල් උනා, උදේ ඉදන් මම ඔෆිස් එකෙත් වැඩක් කරෙත් නෑ, කොල් එකක් එනකල් බලන් හිටියා..... මදෑ ආපු කොල් එක ...

උදේ ඉදන් වෙච්ච හැම සිදුවිමක්ම ඔහේ  මැවිලා ගියා ඇස් ඉස්සරහාම.. අනේ ඔයාට මගේ හිත කියවන්න පුලුවන් වුනා නම්.. මම කියන දේ තෙරුම් ගන්න පුළුවන් වුනා නම්. ඔයාට ඔයාගේ හිතේ තියන හැම දේම මට කියන්න පුලුවන් උනා නම්, ඔහොම ඉද්දි මට කවියක් ගලා ගෙන ආව කටට නිකන්ම.

නොතරේ නුඹට හද ගැසෙනා රාවේ මගේ
දුවනා ප්‍රේම ගිනි දැල් මගේ ලේ අතරේ
කලබල වෙමිය හැරුනත් නුඹ දුරු කතරේ
නැවතිය නොහැක පෙම මගේ ගලනා ඇතුලේ

නුඹ උණ ගැනී ඉන්නා බව කීව සැනින්
දැල්වුනි මගේ පපු කුහරෙම පරම දුකින්
අසලා දැන ගන්න සැප දුක නුඹේ කටින්
ඇමතුවේ සිය දහස් වර නුඹ, එයය ඉතින්

අමතා අසන්නට පෙර කොහොමද නුඹට
"උබ" සැක කරා මගේ පතිවත පර බල්ල
ඒ වැනි වදන් ලෙස හදවත, ඇනි හෙල්ල
තාමත් ලේ ගලයි, නෑ හදවත මෙල්ල

මගේ පන නුඹය, නැහෑ අරමුණු වෙනත් මගේ
එවුනත්, කැමති නෑ ගැරහුම් වලට නුඹේ
කල මගේ ප්‍රේමේ අහුරා ගෙන මගේ ළයේ
ඉන්නට හැකිය නුඹ අකමැති, වේ නම් ලඳේ

හැකි නම් ඉන්න .. මගේ ආදරේ වෙනස් නොවේ
සොයලා බැලුම නුඹ ගැන මගේ අයිතිය වේ..
ඒකට කැමති නැති නම් නුඹ හිමින් සැරේ
කියපන් කනට කරලා පල යන්න, ඔහේ...

නිමි.

Thursday, September 4, 2014

ස්පා

සිහින් සියුමැලි වත ඇගේ
ඇඟිලි තුඩු ගෙන දෙයි, සුවේ
අනු,රාගිකයි දෙනුවන් පැයේ
වෙලන විට සියුමැලි ගතේ

පරදවයි අම, පෙර රැයේ
මතක නැත නම, කියු නුඹේ
එන්න අතගෙන නුඹ මගේ
වන්න, තව පාරක් අගේ

පැරදුවත් නුඹ සුරඟනන්
ගත සලා පා, නෙක දසුන්
යන්න යමි හෙලලා, සුසුම්
සොයා ඇගේ උණුසුම කසුන්...

Wednesday, September 3, 2014

පතමි මම

නුඹට ලිව්ව, කවි කතා අද
වෙනත් අයකුට ලියවිලා
පැයගනන් කෙරු කතා බහ අද
මිනිත්තුවකට කෙටි වෙලා
අදහ ගන්නත් නොහැක මට අද
හිටිය හැටි නුඹ මගේ වෙලා
කෙස් වූවත් පතමි මම අද
වෙන්න දිවියම සරු වෙලා

Sunday, August 31, 2014

එන තුරු

දැනෙන තනිකම පපු කුහර තුල
නලියනව තාමත් හිතේ
කිමද පෙර දින නිමා වුයේ
අසනවා හිත තව මගේ
කියන්නට බැරි අමුතු හැඟුමක්
හිර වෙලා හිත යට මගේ
බලන් ඉන්නේ යලිත් එන තුරු
ඇඟිලි ගැන ගැන දින ගොඩේ

Saturday, August 30, 2014

වතුර පොද

පැලී ... බිම ඉරිතැලුනු
නියඟකෙට වෙළිලා...
ලෙස තිබූ හද මඩලේ
වතුර පොද නුඹ වෙලා...
පැලුනු තැන් දිනෙන් දින
වගේ.. සුවපත් වෙලා...
කිම කියමි නැහැ රිදෙනු
පෙර ලෙසට හද පෙලා....

කරපු පින ඇති නුඹට
දිනෙන් දින දිනන්න
සතුට පිරි ජිවිතය
මැරෙන තුරු විදින්න
එහෙත් සඳ මටම බය
නුඹව මුන ගැසෙන්න
තවත් එක දිලෙන තරු,
වක්, මමත් නොවන්න 

Friday, August 29, 2014

බක බක.

මා සුබ සිහින, මැවු මගේ සුදු සඳ රැජින
මා පාළුවෙන් ඉන්නා බව දැක දුකින
විමසා කෙමෙන් ඇව්දින් සැප දුක තොසින
ඉන්නා ලෙසට දුටුවා මා රෑ සිහින

නෙක නෙක වළා කළු පාටට හිටි හැටින
ඇවිදින් වසයි නුඹේ රුව මා නෙතු අඟින
හිතවත් සුලඟ, මගේ ආදරේ දුක හැඳින
එලාවා දමයි හිත්නැති මුන් දුටු සැනින

මා ජිවිතේ අඳුරුම කල අමාවක
මා පෙම් සිහින ඉවසාගෙන කඳුළු දුක
නෙක නෙක අඳුරු සිතුවම්, පලවමින් සැක
ඉන්නේ කොහොම කියපන්, මීට... බක බක.

Thursday, August 28, 2014

සිරි ලක

රට හැර,
දුරු රට,
ගියේ, නුඹ,
කුමකට ?

තම ප්‍රිය, මා.. පිය, හා.. නෑදෑ... කැළ
නොමැතිව,
තනියම,
ගෙවා...
තනිව,
ලොව.

මෙහෙ වර, හනිකට ජි...වය විඳිනට.

සිරි ලක,
අප සැම,
බලා...
හිඳී...
තව.

බයි එක

දුවපන් පුතා දුවපන්, මගේ පනත් හරී
උබ පැරදුනොත් හෙට සිට, මම එන්නේ නැති
මා එයි කියා, දරු මල්ලන් ගෙදර ඇතී
නෑ නුඹේ පියා එන්නේ ඔහූ බුකියේ, ගැතී

පාසල් වාරේ අලුතින් පැමිනුනා කියා
පුතු ගැන සිතා ගත්තා පොත් පත්ද පියා
පැරදුන නිසා පඩි පත බල්ලෙකුට තියා
ගන්නේ කවුද විකුනනවා පොතුත් ලියා

බයි එක නිසයි, ආවේ මම පෙර දවස
අද මා නිතර වේලෙයි විඳ, බලු රහස
යනවිට ගෙදර සැමදා එක සේ සවස
ගැහැනිය විඳි වෙන අයෙකුගේ, කම් පහස

Tuesday, August 26, 2014

හංසිය

සත් විලක් පියුම්, මල, කල,
විල් තෙරේ හිඳින හංසිය
කියන් කලේ කවුරුද මෙය
නොසඟවා සිතින්...

උදෑසනම හිරු අරගෙන
එන රැල්ලට, වැව පාවෙන
බලන් කීතු වූ, මල් පෙති
රතු වෙලා, ලෙයින්...

නුඹත් කුරිරු වූ.. මේ ලෙස
කෙසේ දැනගම්ද, තතු මම
කියන් වැතිර නොසිට, මෙලෙස
නැහැවිලා මලින්....

කරපු අපාගත පාපය,
නොවේ මල්, හොරුන් අරගෙන
දියවෙලා මලුත් දුකටම
සොවින් දුටු දෙයින් .....

Monday, August 25, 2014

පුදන කොටම

දල්වා දහසක් පැතුමන්
සිටියා මා නෙතු දල්වන්
අරඹන්නට පෙම අද මගේ 
නැවතත් අත් වැල් අල්ලන්

පැයක් බලන් හිටියා..
දෙකක් බලන් මම හිටියා..
ඇමතුම් මගේ එක දෙක වී,
කෙටි පණිවිඩ ගොඩ ගැසුනා..

තවමත් නුඹ නැති හින්දා
කාට කියන්නද මේවා...
ගැලපෙන්නැති අකුරු ගොඩක
සඟවමි කඳුළැලි ගංඟා ...

ආදරේ මගේ වැඩි හින්දා
සිතින් වසඟ කර හංගා
ඉන්නා විට මට සිතුනා,
"පුදන කොටම කාපි යකා"

Sunday, August 24, 2014

රැයක් ( වනයක )

අර බලන් සඳ අන්න තරුවක්
හිනහෙමින් කරනා කතා
මමත් හිඳගෙන උඩ බලගෙන
විඳිමි නොනිමෙන පෙම් සිනා

වටාපත් මට වන වනා සුව 
ගෙන දෙනා බල, තුරු ලතා
වැල්ල තනනව මගේ පහසුව
නිදා ගන්නට සුව තකා

ගලන ඔය දිය ගයති හෙමිහිට 
සවන් පිනවන  නද රටා
අඹර තනවති හිසට හෙවනක්
නුඹ නැතත් බලපන්, හිතා

වාළුකා

ගලා යන වාළුකා
පසු කරන් තාරුකා
පෙනේ මට රෑ පුරා
හිදිමි ඒ දෙස බලා

එදා බිම සැතපිලා
අප අහස දෙස බලා
මට මතක වාළුකා
වලට ඔච්චම් කරා

අදත් මා දෙස බලා
හිනහෙමින් සිත සදා
යයි හෙමින් පාවෙලා
නුඹ නැතත් ලඟ මෙදා

Thursday, August 21, 2014

මතකය

දුන්නත්, යන්න අවසර
අතවනා සිප දෙතොලඟ
තවමත් බලයි මා, මඟ
හැරෙයිදෝ... එක වරක්, මේ දෙස

කර මෙනෙහි සුන්දර
ගතවු... රම්ය මතකය
විඳිමි මම පෙම්බර
මතක පිනි බිඳු, සිතින් වෙන්කර

කඳු මතක බොහොමැයි
ගණනන් වසර එකමැයි
නුඹ හිතට කොහොමැයි
ආවේ ඒදින, තවම පුදුමයි

වින්ඳ පෙම සිහිකර
මොකට වෙනු මම, දුක්බර
සතුටු වෙමි වරින් වර
ලැබූ මතකය.. හදෙහි, ගොනු කර

පාඩම

රනින් බැන්ඳ මා, පෙම
දළු, ලන්නත් කලියෙන
ඇටම පුස් කා මියදෙන
හැටි බලන් ඉමි තනියෙම

දුරින් ඉඳ ගෙන හිනහෙන
පනුවො දුටුවම සිහිවෙන
අනේ කිමදැයි ඵලගෙන
ඊට හොඳ මැයි නැතිවෙන

මෙවන් පැල නැත හරියන
පසත් නෑ රට ගැලපෙන
දැම්ම ගොම ටික පස් උන,
කමක් නෑ හොද පාඩම

Wednesday, August 13, 2014

රුව

අස්තාර ජිවිතය තරුණ බව රඳවන්න
උදෑසන ඔබ එන්න හමේ රැලි හැරගන්න
කුමට කර පින්දහම් හිත තරුණ බව රකින
එන්න නුඹ පැමිනෙන්න රුව අළුත් කරගන්න

එන්නතක් ලක්ෂයයි, නොමිලේම සැප ගතට
එන්න අක්කේ මගේ, බලන් පපු, නෙරි හොඳට
කොට ගවුම හැඩ මවන, හිරට අද හැඳගන්ට
ඔය රුවෙන් නුඹට බෑ... එන්න, පින ඇතිය මට

Tuesday, August 12, 2014

වැහි

කිමද නුඹ දෙවි වැහි වළාවක 
ගොසින් වත් දෝ ඒ පැති අතහැර
අහිංසක දරුවන් මලානික
කුමක් කරනුද අපගේ වරදට

සිතන්නට බැරි අපේ මහ කැල
නසා දමමින් රට මහා කැළ
කෙලෙසුවත් රිසිසේ සොබා දම
මක් කරන්නද නොදරුවො රැල

එකිනෙකා ගෙන උන්ගේ කරුමෙට
උන්ට සරිලන බර කිරාගෙන
බැරිද දඬුවම් දෙන්න එවුනට
නොදි දරුවන් හට මරාලය

බංකුව

සොඳුර මතකද
නුඹට පෙනෙන, අර බංකුව
විසල් ගස යට
අපිත් ගැවසුන
පෙමින් පිරුන, ඒ බංකුව
කිමද අද දුර
කියන් මට නුඹ
පෙනෙන අර සුව, පරන බංකුව..

මටත් ආසයි
යන්න පෙර සේ
නුඹේ අත ගෙන, ඇඳි ගන්නට, සුව විදින්නට

එත් සොඳුරිය බයයි, මේ මට
දමන්නට හද, හිරෙන් එලියට..............ඒ,

වේදනාවට කැමති නෑ මම.

Sunday, August 10, 2014

සමනළි

සමනළි.. මගේ ඇඟේ, හැපී..
නුඹ, පියඹුවේ.. වෙනතක ඇදී..
තවම මතකයි, සිනිදු තටු නුඹේ
සසල කරවූ.. ලයේ ගතී..

සෙව්ව සැටි මම, පීර, පීරා.. මලුයි දන්නේ හති වැටී..
හමුවුනේ නෑ, නුඹව තවමත්, කොහිද හද මත් කෙරු, රතී..

ඇසුව විට සැම යෙහෙලියන්ගෙන්, නොදන්නා බව කියු සැටී..
උන්ගේ තටු බෑ ලං කරන්නත්, නුඹේ තටු සිනිඳුයි නිතී..

මනස කරවන සෙල්ලමක් වෙද, මන්දා නුඹ නම් කැඩි, කැඩී...
සිම්බ මල් වත්, කිව්වේ නෑ මට, නුඹ ඉන්න තැන, සියුමැළී....

Saturday, August 9, 2014

කඳුළු

අම,නා..ප වී.. මා, කඳුළු කැට පොඩි
නො, කියා..ම යනවා, ඇසට තතු කිසි
දුකින් වැලපෙනු කොහොම, මම සකි
අසනවා මා... නෙතු සඟල, නිති..

කලින් මේ ලෙස තිබුනේ නෑ, ගතී
කඳුළු බිඳු ආදරෙන් මට, සිටි
කර තොදොල් බස් නිතර ඈ, වෙති
කඳුළු හුරතල් වෙලා වගේ, සකි

කුමක් කරනුද මෙයට නෙතු, අපි
කඳුළු වැටුනම හිතට හරි, මදි
ගැට ගසාවත් ඇතුලේ බැඳ, පොදි
බැරිද තබනට කූඩු කර, නිති.....

නොතෙරේ

ඇමිනිච්ච සුදු පිච්ච එකිනෙකට පැටලිලා
නැලවෙච්ච දිග කොන්ඩේ සොඳ සුවඳ තැවරුවා
රතු තිලකේ නුඹේ සිනහ එකට එක්කහුවෙලා
නිල් දෙනත බිමට බර තවත් හැඩවත් කරා

පන්සලේ සුදු පිච්ච මල් අතින් ගෙන දරා
දුටුව නුඹ පිංබරයි අද වගේම සිත පුරා
අපිට එක්කහු වෙන්න නොහැක ලොකය නිසා
නුඹ කියු හැටි තවම මතකේ ඇත සැඟවෙලා

අද නුඹත් හෙට ඇයත් තනිව ලොකය දිහා
දරාගෙන හිත බරින් ලොකයම සනසලා
කම් කිමද තවම මට නොතෙරේ පැහැදිලා
දුක් විඳින විට නුඹම තම සිතම රවටලා

Tuesday, August 5, 2014

පින

සසර ආ මඟ නිසල කරවන
මොහයෙන් රාගයෙන් ඍන උන
තැනක් ඇති බව මතක නැති වුන
අයෙකි මා, සසරෙහිම කැරකෙන

කුමක් දෝ ඵල සිතෙයි විලෙසින
සැඩම පහරක වැටි පාවෙන
සාපයේ දිවි ගඟක කැරකෙන
නිමක් නැති චක්‍රයකි, උපදින

ඇසු බුදු බණ බාල කල මන
සැඟව ඇති මගේ පපු කුහර බෙන
විටක තෙරපයි මගේ යටි මන
කොහිද විමසයි නුඹගේ පෙර පින 

Monday, August 4, 2014

අඹර

කහ නිල් අඹර ගෙතුවම් කරනා සිත්තම්
කොතෙරම් අපූරුද සොඳුරිය අර නරඹන්
ලාවට එළිය දී බැසයන හිරු මනරම්
තෙජස මහිම බල බෙදුවද ලොව මෙතරම්

කොපමන දවස් මම වෙරළට ඇවිත් ඇතී
කිම මම මෙලෙස සුන්දර බව වින්දේ නැතී
විපරම් කරන්නට සිතිලා සැකෙන් සිතී
මම ගියේ සිතින් පෙර දවසට, නුඹත් වෙතී

පටලා සෙමින් ගෙන දැඟිලි එකින් එක
එබිලා නුඹේ නෙතු යුග තුල එක දිගට
සිටියා දුටිමි නෙතු කැල්මෙන් ලැබ පහස
තනිවී ලොවක අපි පමනක් ඒ දවස

කහ නිල් මොටද සත් වර්ණයි පෙනෙන්නේ
හිරු මට මොටද නුඹ මගේ දිරි මඟ වන්නේ
ඒවිටයි මටත් කිම කියලා වැටහෙන්නේ
අද නුඹ දුරක, නිල් අඹරයි ලඟ ඉන්නේ

Saturday, August 2, 2014

නිදහස් දින

මතකයි පියඹුවා අත්තටු දිග හැරලා
මහ නිල්  අඹර යට නිදහස අත් විඳලා
යල මහ කන්න වල අපි ටික පොදි ගැහිලා
ඔච්චම් කලා මතකයි පඹයට වැනිලා

සුන්දර කාලේ මම කවදා ගෙවන්නද
පෙඳයත් මගේ කොයි කාලේ වැඩෙන්නද
නිදහස නොමැති කල සතුටින් සිටින්නද
නොහැකිය හානි කර ගනු දිවි, හොටෙන් විද

කරනා කලක නුඹලා දමලා කුඩූ
තේරෙයි අගය නිදහස තොපි මට ඇහිරූ
කැමොර ගසා සමරන්නට ගෙන වාරූ
කිම මට නො එන්නේ නිදහස් දින යාළු 

Tuesday, July 29, 2014

අන්තිමයා මම

නෑදෑ හිත මිතුරූ, සනුහරේ මිය දිලා
ඵල දැරූ ගැබ මගේ වඳ වෙලා හැකිලිලා
අළු දූලි වලාවන් මගේ වටේ  කැරකිලා
පිපාසිත මගේ සිරුරේ හැපි ඔච්චම් කලා

ඈත මිරිගුව පෙනේ, වළා නෑ කළු වුනේ
දිය පිරුනු මහ පොළොව අතිතෙට මුසු උනේ
පෙර දාක හිරුට පෑ දඩබ්බර කම්, වනේ
කරපූ කරුමෙක මහත ජල බිඳක් නෑ අනේ

උන්න කල, කර ප්‍රේම සතුන් සිව්පා වනේ
අපිත් හරි ආදරෙන් උන්ට දී අප සෙනේ
මතක් වන විටත් කටු, ඇනේ හදවත කොනේ
හඬන්නට කඳුළු නෑ දිරාපත් බව දැනේ

එක දිගට වනසාපූ සනුහරේ පෙර මගේ
වලලාපු තැනකවත් දන්නේ නෑ කිම අගේ
මරාගෙන කපාගෙන ගිය සතුන් පෙර වගේ
අවොතින් කියමි මම ඉඳගනින් මුල දිගේ

Monday, July 28, 2014

යහපත්

ලබා අරුත් ජිවිතයක්
කරන් වැඩක්, ඵල යහපත්

හිතන් වාඩි වී මොහොතක්
කරන් කොහොම, මම වෙනසක්

නිකන් ඉදන් නොකර වැඩක්
නොවන් තවත් එක මිනිසෙක්

බලන් අරුත් ඇති විදිහක්
විදින් ජීවිතේ බිඳුවක් 

Wednesday, July 23, 2014

දවල් තරු

අර බලන් අර,
පුංචි තරුවක්..
බලන් මා දෙස,
පාන සෙනහස....
මහා දහවල,
හිරුට නොබියව
ඉන්න හැටි,
අරුමෙක අපූරුව....
වාගේ හරියට
මටම පෙම් බැඳ
ඉන්න නුඹ, වාගේය රංකඳ....
ඇසුනි ලාවට,
කෙල්ල අසනා, කෝ කොහිද
මට පෙනෙන්නෑ නෙව....

Tuesday, July 22, 2014

කප්පිත්තා

නිර්මාතෘ නුඹයි... මා,
ප්‍රේමනීය නැව්කාවේ...

කප්පිත්තා මමයි.... පැදයන,
සාගර නම් දිවි, පෙවතේ...

සුළං, කූණාටු...  බොහොයි,
නෙක නෙක, යන විට ගැඹුරට, දියඹේ...

කප්පිත්තා මමයි... ගිලුනොත්,
වැළලෙමි පතුලේ.... සුවසේ.....

Thursday, July 10, 2014

රට හැර

නුඹ,
අතර,මඟ, 
නැවතුන.....
සිත්පිං නැති, අත් ගානේ...

කර,
මෙහෙවර,
සිරිසැප,.....
විදිනට මඟ, බැලුවානේ....

නැගනිය, සොයුරිය,.. මා මව වැනි නුඹ,
කුමටද, අද ගිනි,.. හෙට වැජබෙන්නට,
හිතින් අසාපන්,.. කුමටද රජ සැප..
දුක් විඳ අද නුඹ,.. සොයනා සොච්චම...

නුඹ,
අතර,මඟ,
විඳි දුක,.....
හෙට සිත, අත් හැර යයි නම්..
කම් නැත, 
නුඹ හිඳ,.......
වාවාගෙන,.. රුදු මල් දම්...

නැගනිය, සොයුරිය,.. සිතින් සිතනු මැන..
නුඹ විදි දුක් කඳ, පහව නොයනු ඇත...//

කිම,
තව නුඹ,
රට හැර,......
කරනා ජිවිත, සෙල්ලම්.....

Tuesday, July 8, 2014

මොලේ vs හිත

වර වර, ලඟට වර, මගේ සිත නුඹ කොහිද
නැහැ කිසි වැඩක්, හරියට කර ගනු සිහිය
ගෙන්වා ගතත්, බලකර සිත මගේ ලඟට
ඇසිපිය හෙලන කල, ලඟ නෑ නුඹ කොහිද

උඹ නම් කියයි මහ ලොකුවට, දා මර්සී
දැනෙනා තනිකමත් විඳගෙන, මම පුංචි
ඉන්නේ කොහොම හිතපන්, ටිකකට නැවතී
උඹ වගේ නොවේ.. මේ අපි හිත්, සංවේදී

වී.. සංවේදී, බඩ කට අපේ පිරෙනවද
මම මහ මොළය, දුවවන්නේ ජිවිතය
උඹ නැති විගස අපි ඉන්නා, මේ බොඩිය
මගේ ලේ ටිකත් අරගෙන පිච්චේයි, නිරය

කොපමන කලත්, මා තෙරුම් වැඩක් නැතී
එකයි මලේ.. උඹ, මහ මොලේ, හිතක් නැතී
මම මේ යන්නේ, මගේ හිත ඇති තැනට නිතී
ලඟ නැති නිසා මගේ පන, පාළුවෙන් ඇතී

Monday, July 7, 2014

ආතල් එකට

ඇයි මට ගෙම්බා කිව්වේ මම කැතද?
මාස ගානකින් බැලුවේ නෑ නොව නුඹව..
දැන්  නම් ඉන්නට මට බෑ නුඹව නොදැකම..
ආවොත් දෙන්නම් උම්මා, ගොඩක් නුඹ හට....

නොනේ මගේ නොනේ... හනික, එන්න මෙහේ...

රට කජු පොතු ඇරලා... මම, කටට දමන්නම්..
සිනී බෝල ටොපි චොකලට් ගෙනල්ලා දෙන්නම්...
ලගින් ඉදන් කොට්ටම්බා තලලා දෙන්නම්..
නුඹ එනවා නම් හනිකට බජව් දමන්නම්...

නොනේ මගේ නොනේ ... හනික, එන්න මෙහේ....

ගොල් ෆෙස් එකට ගිහින් නුඹ නලවන්නම්..
රොස පාට කුඩේ යටින් තනියට එන්නම්...
ගල් බංකුවේ පාළු මකන්නට, අත දෙන්නම්
නුඹ එනවා නම් හනිකට එක්කන් යන්නම්...

නොනේ මගේ නොනේ ... හනික, එන්න මෙහේ....

නොහැකී වේද

දරා මහමෙරක් පෙම්ලොව
මගේ ආදරේ පාමුල
පාළු දැනෙන හිත අබියස
බලා ඉනු කෙසේ...

හිතට හොරෙන් නෙත කඳුලක
පැටළ,වෙමින් දුක සිහිනෙක
දරා ගන්නේ මහ පාළුව
කෙලෙස මම ප්‍රියේ..

උදේ, හවා සිත මිලිනව
යදියි ආදරේ උනුසුම
කෙදින කොතන මම ලබනුද
නුඹේ ඔය සෙනේ...

කියන් මගේ පන, රන් කඳ
නොහැකී වේද, තිට එන්නට
දමා සියලු සැප සම්පත්
හනික මා කෙරේ.....

Friday, July 4, 2014

කළුවරේ

එක වදනක් නුඹෙන් ඇතිය සිත රිදවෙන්න
වැහි නැතිදා අකුණු සැරින් සිත දෙදරන්න
මසිත මෙහෙම හැසිරෙන වග නුඹ නෑ දන්න
තවම කිමද නුඹට නොහැකි මා හඳුනන්න

මං මාවත් පුරා දුවපු සිහින මන්දිරේ
දැක උඩුමහලේ අසිරිය හිත හෙමින් සැරේ
අසයි සෙමින් අර කවුරුද ඈත කෙලවරේ
තවම හඳුන ගන්න බැරිය මාත් කළුවරේ ....

Sunday, June 29, 2014

(නුඹේ) කම්මුල්

සිසලස නුඹේ.. මතකය හද කිතිකවන
ලාවට වගේ ඇඳුනා නිල් නෙතු නයන
පාවෙන මතක පොදියක මා ගැට ගැහූන
එනවද නඟේ මාවෙත හවසක පරන

පායන හිරුට රහසින් මුදු වලා යට
කියවෙන කතා නෑසෙන්නට ලතාවට
නුඹ මුමුනමින් මාවෙත පෙම් කතා වට
හිත ඉකිබිඳි විඳගන්නට වරක් හෙට

විසිරුන පියලි පෙණ එකිනෙක වෙරළේ හැපී
වාගේ නුඹත් හිනහෙන කොට සතුට පිරී
කම්මුල් අසල ගැසෙනා වක වලක වැටී
මා හට හැකිය විඳගන්නට  දිවියේ සිරී....

Sunday, June 22, 2014

පාළු සිත

නුඹට හරි ආදරෙන්
කියමි මම සිරුවෙන්
නැති කලට පාළු සිත වාවන්නේ නෑ

කඳුළු බිඳු සිරුවෙන්
බිම වැටි පාළුවෙන්
නැති කලට නුඹේ සිනහ වේලෙන්නෙ නෑ

නුඹේ පෙමට කෑදරෙන්
සිත හරිම අසහනෙන්
නැති විටදී නුඹ සිහිනේ, නින්ද යන් නෑ

ආ විටදි සිරුවෙන්
ලඟ තියන් ආදරෙන්
සිප ගනිමි සිනහ මුව, යන්න දෙන් නෑ

Friday, June 20, 2014

අමනයෙක්මි

අදම හෙටම අප රජ වෙන
ඉතිහාසේ නම බබළන
මමත් පොරකි වෙබ් පිටු මැද
පසු කළකදි නම කියවෙන

ගනින් ආගමත් හනිකට
යමවු කොටව්, අමනයින්ව
බුදු දහමට වින කරවන
එවුන් මරව් දුටු දුටු තැන

මම කියමින් මේ විලසට
රැක ගන්නට බුදු යහගුණ
හිතෙන් හිතෙයි මේ විලසට
රැකුනද පන්සිල් පද තුන

දුවයි මසිත හැම අතටම
කවදද  රැකුනේ සිල් ගුණ
මතකද පන්සල් ගිය දින
මල් පොකුරක් අතින් රැගෙන

මම කා ඇත බුදු දහමම
රැක නැත මම එහි ගුණයම
අමනයෙක්මි ගහපිය මට
රැක ගත්තේ නැත බුදු බණ.......

Monday, June 16, 2014

සත්තූ

කපා ලේ විලක්,
එකම පාටට රතුව දිලෙනා

බලන් හිස් මොලෙන්,
කෑගසා බොරුවටම රඟනා

තොපත් මනු සතෙක්,
හුස්ම අරගෙන ලොවෙහි සරනා

නැහැනේ අයිතියක්,
කාටවත් අනතුරක් කරනා

Friday, June 13, 2014

මල

මල සිප ගනු පරිස්සමෙන්
නටුව සපිරි විස කටුවෙන්
ගත්තත් නුඹ හිමින් සැරෙන්
පාරයි හද විස කටුවෙන්

මල් වල පෙති, හරිම සෙමින්
බලයි ආදරෙන්, හොරෙහින්
රොන් අමරස පරදවමින්
එන්න කියයි හිත සතුටෙන්

රොන් ගන්නට දී මැනවින්
විස කටු මලකට අදරින්
විසත් අඹර රොන් සමගින්,
විඳවන්නට දෙයි හොදවින්

Wednesday, June 4, 2014

පරයන්

පෙර දවසකදී, නැගිටින්නේ
පොරකාලා
දුටු විගසකට, බැරි ඇත්තන්
හට දීලා
රට යන කලද ඉගෙනිමද
වැරදීලා
අම්මේ එන්න කීවෙමි මම,
හඬ ගාලා

ගැහැණුන් බලයි වෙන කවුරුද නැගිටීන්නේ
දුක මට මෙයයි පිරිමින් නැහැ ඉඩ දෙන්නේ
පාසල් ළමුන් දැන් කාලේ පරයන් නේ
අපි පොඩි කාලේ ඉඩ දෙන එක ගැම්මක්නේ

Tuesday, June 3, 2014

බැඳිම්

බැඳිම් එක එක, බිඳ දමා ඈතකට
යන්නට සිතයි මට, දුර ඈත කැළෑවට

හෙටක් ගැන හිත බරක්
ලොවෙත් නැති වැඩ ගොඩක්
හීන පිරි ලොකයක්
කුමට මේවා, දුරයි නිවනක්

ලද සතුට සියුමැළී
එන විටදී දුක බැඳී
යන විටදී අපි මැරී
පලක් වෙද අපි, බැඳපු රන් පොදී

Sunday, June 1, 2014

මම (නුඹ)

දවස් හයකම පුටුවේ හිඳගෙන
ඉතුරු ඉරු දින ගෙදර නිදියන
සතුට කිම යනු අරුත සොයමින
තවම ලතවෙන තරුණයෙකි මම

තවම නොහැඟෙ ජිවිතය ගැන
කෙලෙස වම් මම සතුටු උතුරන
කුමක් කරනුද තවම නොමදැන
තරුණයැයි සිතනා කෙනෙකි මම

මදක් දහඩිය හෙලන්නට බැරි
එලිය දහවල සරන්නට බැරි
පන්සලක් පල්ලියක් දන් නැති
අපේ පරපුරේ එකෙකි කම් නැතී

Thursday, May 29, 2014

නුඹ "රුක", කෝ අද?

අතු පතර තුල තිබ්බ මදහස   
ඇඳේ හිත අග තාම මතකෙක  
විසල් නුඹ දුන් මහඟු සෙනෙහස  
ණය ගැතියි හදබිංදු දහඩිය  
  
නැගූ කඳුළැල් බිම වැටි නුඹ  
මවා පෙන්වයි නුඹේ හිස් කඳ  
අදත් දහඩිය සොයයි නුඹෙ සුව  
නැහැනේ මදනළ නුඹෙ අතු අග  
  
හිරුත් තරහින් කොපයෙන් මද  
විසුරුවාලයි ඔහුගෙ අනසක  
අනේ අසරන මිනිස් "සත්කැල  
කූඩු තනවයි කිසිත් නොම සිත   ......  :  මීට කුරුල්ලෙක්