අතු පතර තුල තිබ්බ මදහස
ඇඳේ හිත අග තාම මතකෙක
විසල් නුඹ දුන් මහඟු සෙනෙහස
ණය ගැතියි හද, බිංදු දහඩිය
නැගූ කඳුළැල් බිම වැටි නුඹ
මවා පෙන්වයි නුඹේ හිස් කඳ
අදත් දහඩිය සොයයි නුඹෙ සුව
නැහැනේ මදනළ නුඹෙ අතු අග
හිරුත් තරහින් කොපයෙන් මද
විසුරුවාලයි ඔහුගෙ අනසක
අනේ අසරන මිනිස් "සත්" කැල
කූඩු තනවයි කිසිත් නොම සිත ...... : මීට කුරුල්ලෙක්