Monday, May 19, 2014

නුඹ වදයක්

හිතට හරිම නුඹ වදයක්
ඉවස ගන්න බැරි තරමක්
කියා ගන්න බෑ මට නම්
මතක් වෙන තරම්.. , නුඹ හිතට එන තරම්

එහේ බැලුවත්, මෙහේ බැලුවත්
මම යන එන කොහෙදි උනත්
හිමින් සැරේ මටත් හොරා
හිත සොයන තරම්.. , හිත මගේ පාළුද මෙතරම්

ආදරයක මා පටලා,
දුරු රටකට පා තබලා
මගේ හිත නුඹ තනි කරලා
දෙන වදේ තරම්.. , නුඹ මතක් වෙන තරම් 

No comments:

Post a Comment