Tuesday, July 29, 2014

අන්තිමයා මම

නෑදෑ හිත මිතුරූ, සනුහරේ මිය දිලා
ඵල දැරූ ගැබ මගේ වඳ වෙලා හැකිලිලා
අළු දූලි වලාවන් මගේ වටේ  කැරකිලා
පිපාසිත මගේ සිරුරේ හැපි ඔච්චම් කලා

ඈත මිරිගුව පෙනේ, වළා නෑ කළු වුනේ
දිය පිරුනු මහ පොළොව අතිතෙට මුසු උනේ
පෙර දාක හිරුට පෑ දඩබ්බර කම්, වනේ
කරපූ කරුමෙක මහත ජල බිඳක් නෑ අනේ

උන්න කල, කර ප්‍රේම සතුන් සිව්පා වනේ
අපිත් හරි ආදරෙන් උන්ට දී අප සෙනේ
මතක් වන විටත් කටු, ඇනේ හදවත කොනේ
හඬන්නට කඳුළු නෑ දිරාපත් බව දැනේ

එක දිගට වනසාපූ සනුහරේ පෙර මගේ
වලලාපු තැනකවත් දන්නේ නෑ කිම අගේ
මරාගෙන කපාගෙන ගිය සතුන් පෙර වගේ
අවොතින් කියමි මම ඉඳගනින් මුල දිගේ

No comments:

Post a Comment