Sunday, August 10, 2014

සමනළි

සමනළි.. මගේ ඇඟේ, හැපී..
නුඹ, පියඹුවේ.. වෙනතක ඇදී..
තවම මතකයි, සිනිදු තටු නුඹේ
සසල කරවූ.. ලයේ ගතී..

සෙව්ව සැටි මම, පීර, පීරා.. මලුයි දන්නේ හති වැටී..
හමුවුනේ නෑ, නුඹව තවමත්, කොහිද හද මත් කෙරු, රතී..

ඇසුව විට සැම යෙහෙලියන්ගෙන්, නොදන්නා බව කියු සැටී..
උන්ගේ තටු බෑ ලං කරන්නත්, නුඹේ තටු සිනිඳුයි නිතී..

මනස කරවන සෙල්ලමක් වෙද, මන්දා නුඹ නම් කැඩි, කැඩී...
සිම්බ මල් වත්, කිව්වේ නෑ මට, නුඹ ඉන්න තැන, සියුමැළී....

No comments:

Post a Comment