Thursday, August 28, 2014

බයි එක

දුවපන් පුතා දුවපන්, මගේ පනත් හරී
උබ පැරදුනොත් හෙට සිට, මම එන්නේ නැති
මා එයි කියා, දරු මල්ලන් ගෙදර ඇතී
නෑ නුඹේ පියා එන්නේ ඔහූ බුකියේ, ගැතී

පාසල් වාරේ අලුතින් පැමිනුනා කියා
පුතු ගැන සිතා ගත්තා පොත් පත්ද පියා
පැරදුන නිසා පඩි පත බල්ලෙකුට තියා
ගන්නේ කවුද විකුනනවා පොතුත් ලියා

බයි එක නිසයි, ආවේ මම පෙර දවස
අද මා නිතර වේලෙයි විඳ, බලු රහස
යනවිට ගෙදර සැමදා එක සේ සවස
ගැහැනිය විඳි වෙන අයෙකුගේ, කම් පහස

3 comments:

  1. හම්මේ..... ඒකනම් පට්ට ඈ... හිකිස්..
    ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. word verification අයින් කරනවානම් වඩාත් සතුටුයි.

      Delete
  2. thanks kiiwa :) word verification ayin karo

    ReplyDelete