Thursday, August 21, 2014

මතකය

දුන්නත්, යන්න අවසර
අතවනා සිප දෙතොලඟ
තවමත් බලයි මා, මඟ
හැරෙයිදෝ... එක වරක්, මේ දෙස

කර මෙනෙහි සුන්දර
ගතවු... රම්ය මතකය
විඳිමි මම පෙම්බර
මතක පිනි බිඳු, සිතින් වෙන්කර

කඳු මතක බොහොමැයි
ගණනන් වසර එකමැයි
නුඹ හිතට කොහොමැයි
ආවේ ඒදින, තවම පුදුමයි

වින්ඳ පෙම සිහිකර
මොකට වෙනු මම, දුක්බර
සතුටු වෙමි වරින් වර
ලැබූ මතකය.. හදෙහි, ගොනු කර

No comments:

Post a Comment