Saturday, August 9, 2014

නොතෙරේ

ඇමිනිච්ච සුදු පිච්ච එකිනෙකට පැටලිලා
නැලවෙච්ච දිග කොන්ඩේ සොඳ සුවඳ තැවරුවා
රතු තිලකේ නුඹේ සිනහ එකට එක්කහුවෙලා
නිල් දෙනත බිමට බර තවත් හැඩවත් කරා

පන්සලේ සුදු පිච්ච මල් අතින් ගෙන දරා
දුටුව නුඹ පිංබරයි අද වගේම සිත පුරා
අපිට එක්කහු වෙන්න නොහැක ලොකය නිසා
නුඹ කියු හැටි තවම මතකේ ඇත සැඟවෙලා

අද නුඹත් හෙට ඇයත් තනිව ලොකය දිහා
දරාගෙන හිත බරින් ලොකයම සනසලා
කම් කිමද තවම මට නොතෙරේ පැහැදිලා
දුක් විඳින විට නුඹම තම සිතම රවටලා

No comments:

Post a Comment