Tuesday, September 30, 2014

ඒකල

ඒකල මගේ, ප්‍රිය සොඳුර,
බලන් නුඹ හැරි, පසුපස
පේන දුර අතීතය,
අරන් මුල සිට, හමුවු දා සිට...

ඇවිද ගිය, තණ පිඩළි,
පසු කරපු, දිය කඩිති,
බලන්, අර බිම වැතිරී,
ගලන ගඟ තව, වේය සුමිහිරි...

රතු පාට මල් ගවුම,
සුදු පාට සඳ මුහුන,
කරයි, කරදර තවම,
සතුට මයේ සිත, නැතිවු දා සිට.....


Monday, September 29, 2014

සැතපෙනවාද ?

ගෙත්තම් කල රෑක
සිත්තම් කල දෑස
වත්තම් ගත ගාව
එන්නද එක දාක

නැත්තම් රතූ පාට
කම් නෑ නුඹ මුවට
ගෙන උනුසුම හදට
දෙන්නම් මම පාට

ගනිමින් තරු අහස
තරු නොපිපුන රෑක
මගේ උරහිස ගාව
නුඹ සැතපෙනවාද ...

Friday, September 26, 2014

යදම්

කිමද මේ වෙනසක්
නුඹත් වේවිද මිනිසෙක්
යදම් දා දවසක්
නොවේ හිඳ බල, නුඹත් වරුවක්

පෙරදින දවස මා
උන්නේ මවුගේ තුරුලේ මා
නුඹම, ඇය බිම දමා
අරන් ආ, මා යදම් දම්මා


Thursday, September 25, 2014

නිදහස

සතුටුයි පුත, සතුටුයි මට
හිනා පාන නුඹ දැක අද
නිදහස, උපරිමට විඳින
නෑදෑ සෙනෙහසද දන්න

එන්න තවත් හිනා වෙන්න
මා බලලා සතුටු වෙන්න
නැහැ ඵල, මගේ දිවියට වෙන
මේ වීදුරු ලොවේ වසන

පාට කරපු කඳු බලන්න
නොසැලෙන දිය පොද විඳින්න
පින් කර ඇති මම පොඩි පුත
නුඹව මෙලෙස හිනස්සන්න

Tuesday, September 23, 2014

"කැන්සර්"

"කැන්සර්", හොඳ වෙන්න මම පාරට බහින
හොදැවින් පිරෙන්නට අද කෙල්ලන් සිටින
යන්නට ඔනා උත්තම මේ පා ගමන
ජොලියක් ගන්න පොඩ්ඩක් බී, උදෑසන

නෙක නෙක අක්කලා, කෑ මොර ගසා ගෙන
උත්තම බයිලා කිය කිය පාරේ නටන
අනේ මේ පිනෙන්, පිළිකාවෙහි දුක නැසෙන
පතමි එලස වන්, ටැබකුත් දමාගෙන

අරමුණ හොඳයි නෑ දොස, මම පවසන්නේ
කැත යන හැටියි මුන් නෑ, දුක හදුනන්නේ
නෙක අරමුණුයි, එන උන් වෙන, ෆන් ගන්නේ
දිය, ලේ බිඳක්, අරමුණ හොඳ මිනිසුන්නේ

ලයිසම

පැතුවේ.. එකම පැතුමයි
රජකම නම්, නොවමැයි
ලාවට කන්න ගමමයි
එයත් දුන්නේ නෑ.. ලැබුනේ දුකමයි

ගෙයින් ගෙට ගොස්, හැමවිට
මනාපද මට, ඇසු විට
කිවේ උන් එක ලෙසට
මනාපයි අයියන්ඩි, උඹහට

ලෝකයම අනිත්‍යයි
ඡන්ද පොල නම් තිත්තයි
මට ගැහුව උන් එමටයි
නමුත්, ගණනින් හතර පහමයි

දුකක් දැනුනත්, හිතට
යමි යලි, තැබෑරුමට
කල මගේ.. සේවයට
දෙන්න ලයිසම, අනාගතයට.


ප.ලී (රහසින්)

බලගෙන මම ඉද්දි
ඇවිත් ගමේ, කළු මල්ලී
මාරු කර දැමු, පෙට්ටී
ගිහින් එන්නම්, කීවේ හිනැහී....

Monday, September 22, 2014

අනන්තය

සිහින් නුඹේ, අත් යුග
සෙමින් මම අරගෙන
ඇවිද යමි හෙට දින,
පෙනෙන, නොපෙනෙන, අනන්තය වෙත

සෙමින් හද තෙරපන
නුඹේ නිල්, නෙතු යුග
දුටු විලස මගේ.. හද
නටති හරි කදිමට, වේග රිද්මෙට තබා පා යුග..

පිනි බිඳුව

ඔබ පිනි බිඳුවකි, 
සිසිලස ගෙනදෙන
එලියට දිදුලන,
රස්නෙට පැනයන

අගයක්, ඇති මුත්
මොහොතක් පවතින
රසයක් නැති මුත්
දෙතොලම සනසන

ඔබ පිනි බිඳුවකි,
සැනසුම ගෙන දෙන
එනමුත් සැනෙකින්
නොපෙනි සැඟවෙන

Thursday, September 18, 2014

බං

කතා කරන දෑස් වලට
පාට කරපු කෙහේ රැල්ලට
ආල වඩන කතා බහට
කෙලෙස, කොහොම සමු දෙන්නද

තත්පරයක් තනි වෙන්නට
හීන් හඩින් හින හෙන්නට
යලි ආසයි හමුවන්නට
හෙටත් මෙලෙස නුඹ එනවද.... බං.

Tuesday, September 16, 2014

තරුවක්

රතුම පාටට, චූටී තරුවක්, දිලී... තිබුනා තරු, වනේ...
අරුමයකි ලොව, මෙහෙම තරුවක්, දැකල නෑ... මම කිසි දිනේ...
රතට ලොබ කම්, කල බැවින් සිත, බලා.. සිටියා... පා.. සෙනේ...
ගොඩනැගිලි උඩ, දිලෙන පහනකි, නැගෙද්දී... හිරු, වැටහුනේ...

නිදි වරා... රැය, බලා... සිටි පැය, ගණන් කර, මම දුක් උනේ...
කුමට දුක් වෙනු, හොදවෙලාවට, උදෑසන හිරු පැමිනුනේ...
සිතින් සිතුවට, රැයේ නිදිමත, හද පෙලයි, තාමත් අනේ...
ගිය නින්ද බෑ..., යලිත් ගන්නට, යලිත්, නොම කරහන්, සෙනේ...

සොරෙක්

උසස් මනසක් ඇති,
සිරුරෙන් මිනිස් හැඩ ඇති,
තියුනු ආකල්ප ඇති,
සොරෙක් වෙති නුඹ, මිනිස් ගති ඇති..

පෙනුනට ලස්සනට,
හිනහුනත් නුඹ, සැම හට
කිමද පල නුඹ හට,
මගේ දිවියම සොරා ගත් විට...

මගෙත් එක වරදකි,
දුටුවම හිතුනි, ලඳකි
තිබුනේ... එකම සිතකි,
අඟුල් හැර දා කලේ, පවකි....

Thursday, September 11, 2014

පොළවේ පය ගහන උන්

නුඹෙන් ලද උණුහුමෙන්, පන්නරෙන්, ආදරෙන්
වදමි මම දරු පොකුරු ගෙන යන්න රට කෙලින්
ඇගෙන් ලැබු සෙනහසින්, යුතුකමෙන්, දහිරියෙන්
හදමි මම, වදපු, උන් කොඳු කෙලින් සිටින මෙන්

පන්සලෙන් පාසලෙන් ලැබූ... ගුරුහරු සොදින්
දෙමිය තොරන්ට මම, උන්ට රිසි වන ලෙසින්
නැතිව කර උන් කූ...ඩූ, වදින්නට පා බිමින්
යන්න මම ඉඩ දෙමිය, හොඳ නරක දැන මොලෙන්

වදින්නට පය පොළව නොදමවා පාවහන්
නටා මා දූ...විල්ල, මඩ පිරුණු පය වහන්  
දනී අද එහි අගය, නොවී ලෙඩ දුක් විහින්
බිහි කරමු මතු දැයට, පොළවේ පය ගහන උන්

Monday, September 8, 2014

හෙට

පිං නැති ජිවිත අව්වට වේලෙන
යන එන මහ මඟ, බොරුවෙන් රජ වෙන
අපිත් නොදැක්කා සේ මෙහි ගැවසෙන
වෙනසක් කල යුතු වෙයි අප, හෙට දින

අම්මා තාත්තා අමුවෙන් විකුනන
මව් පිය, දූදරු ගෙදරම කෙලෙසන
සෙල්ලම් තුවක්කු ගෙන අප වනසන
පිහි එමටයි කඩු ලෙස අද හැඩවෙන

කල යුතු වෙනසක් අත්වැල් බැඳගෙන
අප රට ගති ගුන සැම, අප රැකගෙන
තරුණ ජවය ඔනෑ හෙට රජ වෙන
පිටු දැකුමට ජඩයන් රට කෙලවන

කාපට් හදවත

"හෆ්ෆා පාරේ තියෙන වලවල් ගොඩ මේ මගුල කවදා හදල ඉවරවෙයිද දන්නේ නෑ... "

අද ඒ පාරේම මාස ගානකට පස්සේ යද්දී මගේම වචන පෙල මගේ මතකයට ආවා. ඔයා නිසා දැන හැදින ගත්ත ඒ වලවල් තිබ්බ චාටර් පාර, අද නම් ෆුල් කාර්පට් කරලා. ඒත් ඔයා...., පාරේ වලවල් වැහුනට, ලස්සනට කාර්පට් කරල තිබ්බ අපේ හිත් දැන් ඇවිදින්නවත් බැරි තරමට වලවල් වලින් පිරිලා... කාලයක් යද්දි මේ පාර වගේම හිතේ වලවලුත් වැහිල යයි, එත් තාමත් මම ඒ අතීතයට ප්‍රේම කරනවා.

අදත් මම පානදුරේ පහු කරද්දි උදේට කාලා හිටියේ නෑ, එදා වගේම. හැබයි එදා නවත්තපු කඩේ මට අද බයික් එක නවතන්න හිතුනේ නෑ, සෙනඟ වැඩි හින්දා නෙවේ මතක වැඩි හින්දා. හරිම සුලු කරුණු ජිවිතයට බලපෑම් කරන හැටි හරිම පුදුමයි, ආකර්ෂනියයි. වෙලාවකට ඒගැන හිතද්දිත් මහා මොඩ හැඟිමක් නේද කියල හිතෙන්වා, හරියට කළුතර බොධියට ඔයා පඬුරු දාපු කෑටේ නැතිව වෙන කැටයක් ලඟ නවත්තලා ඒ දිහා බලගෙන කැටයකට පඬුරු දානව වගේ දෙයක්. මම ලඟදි කොහෙ හරි දැක්කා පළමු ආදරය නෙවේ අමතක කරන්න්න බැරි, හිතට දැනූනුම ආදරය කියලා. ඒත් අපි දෙදෙනෙක්, ඔයගෙත් මමගෙත් මේ පලවෙනිම ආදරය නෙවේ. ඒත් මම හිතුවා මගේ නම් හිතට දැනිච්චම ආදරය කියලා... ඒත් සමහර විට ඒක ඉස්සරහට වෙනස් වෙයි. මේ කතාව කියන්න හෙතු වුනේ විරහව නෙවේ.. විරහවේ සුන්දරත්වයයි. මම වි හැඟිමට ප්‍රේම කරනවා, මොකද විදවනවාට වඩා එක ලෙසි හින්දා.....

ඔබත් කා නිසාවත් ජිවිතය විඳවන්න එපා.. ජීවිතය විදින්න උත්සහා කරන්න. ආදරයක් කියන්නේ ශක්තියක්, අපි ආදරය කරන්වා කියන්නේ ඒ ශක්තිය විශ්වයට මුදාහරිනවා කියන එකයි. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව ඒක කවදා හරි ඔයාට ලැබෙවී. මම ඔය පන්ඩිත කතාව කීවේ මට මතක හැටියට ගොඩක් කාලෙකට කලින් කාගේ හරි හිත හදන්න.

මේක මගේ හොඳම යාලුවගේ කතාව පමනක් නොවෙන්න පුලුවන්, තවත් බොහෝ අයට මේ කතාවම තියෙන්න පුලුවන්, එත් උගේ තාමත් හිතේ තියෙන්න මේ ආදරය, මගේ ඇඟට අරගෙන මම මෙහෙම ලියනවා...

නුඹ මා මැණික ආදර රන් තොටිල්ලේ
සතපා රකිමි නා රජු මෙන් ඉවසිල්ලේ
වැළපෙන කඳුළු හංඟා මගේ නෙත් පත්ලේ
දුක නොම දෙම්ය මගේ පන වැනි සුදු කෙල්ලේ

ආලය වැඩි හදවත තුල නොම දාරයි
ඉස්සර වගේ නෙවේ කඳුළැලි දඟ කාරයි
හදවත මලක පෙත්තක් මෙන් මෘදු කොමලයි
පොඩ්ඩක් හෙලෙව්වත් හනිකට හිත පෑරෙයි

ඉල්ලනු බැරිය මා ලඟටම එන්න කියා
මවපු සිහින, ඉටු කරගෙන ඉන්න ඔයා
ඉන් පසු ඉඩක් ලැබුනොත්, මගේ මැණික සුදා
එනු මැන ලඟට, මඟ බලමින් ඉන්නේ මෙමා


නිමි. (බොරු කොලම්)

Sunday, September 7, 2014

මනක්කල්පිත ප්‍රේමය

සත්සරනි බාග්‍යා වික්‍රමසින්හ... පොඩි කාලේ උදේ පාන්දර ඇහුන ඒ සුන්දර නම, මට අද වාගේ තාමත් මතකයි. බෙල්ලේ වතුර බොතලේ බැන්දගෙන මාත් එක්ක උදේට පාසල් එන මගේ හොඳම යාලුවගේ නමම, පනිතියේ ටිචර් මුලින්ම කියද්දි හිතට හීන් ආඩම්බරයක් දැනුනා. මම පහේ විභාගෙන් පාස් වෙලා කොළඹ ගියාට පස්සේ මට ඒයාව හම්බෙන්න විදියක් තිබ්බේ නෑ, ඒ කාලේ අපේ පුංචි හිත් වල තිබ්බේ ආදරයකට වඩා මහා ලොකු සහොදර කමක්.

කාලය ඔහේ ගෙවිලා ගියා දවසක් මම  ගියා බුක් ෆෙයාර් බලන්න.. ඒ මගේ යාලුවෙක් එක්ක, පොත් බලන්න නම් නෙවේ යාලුවගේ පෙම්වතිය එනවා කියලා එයාව බලන්න.. ඒ කාලේ අපිත් දිග කලිසම් මුලින්ම ඇදගෙන ඉස්කොලේ ගියේ කාලේ, ඇවිදින්නේ නිකන් ටැමිල් ෆිල්ම් වල නලුවො වගේ, මැරයෝ කොච්චර වෙඩි තිබ්බත්, හීරිමක් වත් වෙන්නේ නෑ වගේ, දැන්නම් මතක් වෙද්දිත් හිනා යනවා. කොහොම කොහොම හරි අපි දෙන්න සෙට් වෙලා පැයක් විතර කට්ට කැවට පස්සේ යාලුවගේ ගර්ල් තවත් ලස්සන යාලුවෙක් එක්ක ඇඹරි ඇඹරි අවා, මෙක පුංචි දූපතක් වෙච්ච එක ගැන ඒ වෙලාවේ මම තරම් දෙයියන්ට පිං දුන්න කෙනෙක් නැති වෙන්න ඔනේ අනිවාර්යෙන්ම. අවුරුදු ගානකට පස්සේ ආයෙත් මට සත්සරනි බාග්‍යා වික්‍රමසින්හව මුන ගස්සන්න තරම් මුහුදෙන්ම වට වෙච්ච මගේ රට මට ආශිර්වාද කරල තිබ්බා, හැබයි එදා නම් මට කිසිම සහොදර ප්‍රේමයක් නම් දැනුනේ නෑ. රතු මල් ගවුම ඇදන් ගඟ අසබඩ මම එනකන් ඉන්න ලස්සනම ලස්සන චූටි බොනික්කියක් වගේ තමා මට එයාව ඒ වෙලාවේ පෙනුනේ, මමත් හිතුවේ මම ගඟ ගාවට ඇවිත් එයාව හඳට උපමා කරලා කවි කියනව වගේ එයාට මාව පෙනේන ඇති කියලා, කරුමෙට අඩුගානේ මාව මේ කෙලි ගනන්වත් ගත්තේ නෑ. ඉතින් ඒකාලේ අපිත් ඇන්දේ දිග කලිසම්, ඉතින් අපි වෙයිද සෙකන්ඩ්.

කොහෙම හරි යාලුවයි කෙලියි මුකුළු කර කර හිටියා, මමයි සත්සරනි බාග්‍යා වික්‍රමසින්හයි පොත් බැලුවා හරියට ජිවිතේටම එදාම අඳුර ගත්ත දෙන්නෙක් වගේ...

එත් එයා මට හිතින් කිව්ව කවි මට අදටත් හොදටම මතකයි...
තරහ වෙන එකක් නෑ මම හිතන්නේ  මෙතන දැම්මා කියලා. ඔන්න මේ "එයා" කියලා දාන හැම කවියකගෙම කොපි රයිට්ස් එයාගේ.. ඉස්සර නම් එයාගේ කියන්නේ මගේ වගේ තමා ...

එයා :
ඔය දෑතට තුරුළු වෙන්න
ඇහිපිය යට මලක් වෙන්න
සිනහ පිරුණු සදක් වෙන්න
ඔය හිත මට ටිකක් දෙන්න

මම :
සඳ සාවිට නුඹ කියන්න
හෙට වැඩියෙන් හිනාවෙන්න
නුඹේ තුරුලේ ඉඩ තියන්න
මට ටිකකට වහන් වෙන්න

එයා :
තරු වැල් මත වාඩිවෙන්න
සද සාවිට බහක් දෙන්න
ඇකයෙ ඉදන් කවි ලියන්න
එන වෙලාව මට කියන්න

මම :
සැඳෑ අදුර ලඟට වෙන්න
හයහා මාර විතර වෙන්න
ඇල දෙවටේ මුණ ගැහෙන්න
සඳ පානේ හෙටම එන්න

එයා :
අත වට බෝරිච්චි වෙන්න
ලාවට රතු පාට වෙන්න
මල් ගවුමෙන් සැරසි එන්න
ඔබ කැමතිද' මට කියන්න

මම:
සුන්දර රුව දිදුලවන්න
කැමති ලෙසක ඇදන් එන්න
ඇඳුම නොවේ මට බල්ලන
නිල් නෙතු යුග අරන් එන්න

එයා:
සද එළියෙන් නෙතු බලන්න
තරු එලියට සිනා සෙන්න
කුමුදු මලේ පෙති කඩන්න
උරහිසෙ ඉඩ තියාගන්න

මම:
අතැඟිලි එකිනෙක ගනින්න
හිත පොඩ්ඩක් කොනිත්තන්න
බොරුවට නුඹ තරහ වෙන්න
නුඹේ නලළත සනසවන්න

එයා:
සද සේලෙන් වෙලා ගන්න
ඔය පපුවට තුරුල් වෙන්න
උණුසුම හිත තවර ගන්න
තව පොඩ්ඩක් ලගට එන්න

පොඩි වෙලාවක්  යද්දි රිදම් එකත් වෙනස් උනා.. කොහොම උනත් කෙලින් කියන්න බැරි ගොඩක් දෙවල් කවියෙන් කියන එක කොච්චර ලෙසිද...

මම:
දැන්නම් ගැහෙනවා හද මගේ හැටට හැටේ
මැවිලා පෙනේනවා මම හෙට නුඹ තුරුලේ
අතැඟිලි නුඹේ පිරයි මගේ හිස් මුදුනේ
මම කල පින කියන් ලැබුමට නුඹේ සෙනෙහේ

එයා:
නොකියනු කුමර මෙලෙස ම'සිත් රිදවන්න
ඔබ නොව මම කලේ පින් ඔබ ලැබගන්න
හෙට කී වෙලාවට නොවරදවම එන්න
පෙර මග බලන් සිටිනුය නුබ දැකගන්න...

මම:
තත්පර කට්ට ගාටනවා යන්නේ නැති
සඳත් තාම හිනෙහෙනවා බහින් නැති
පැය ගල් වෙලා හිත සමගම හිතෙන් නැති
තනි රැය මෙලෙස ඉවසමි මම නුඹත් නැති

නිමි.

ප.ලි
කොහොමහරි  කවි වලින් පෙම් කරනවට වඩා තාත්විකව පෙම් කරද්දි , අතාත්වික ලොකයේ තාත්වික කම රකින්න හරි අමාරුයි...
(මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිත )

Friday, September 5, 2014

සමනළීගෙන් කොල් එකක්

ආදරය කරපු නුඹට සමාව දෙන්න හදද්දිත්
බොරු කරන එක වාව ගන්න බෑ......
මම මෝඩයෙක්ද ?
නැති නම් ආදරෙයෙන් මුලා වෙලාද?
තාම තෙරුම් ගන්න බෑ...
එක්කො මාත් මගේ පාඩුවේ,
බොරුවක් කරගෙන ජිවත් වෙන්න පුරුදු වෙන්න ඔනේ..
එතකොට අනිතිමේදී මොකක් වෙයිද?
අපි බැන්දාම ජිවිතේ සාර්ථක වෙයිද ?
ඔන්න ඔය ටික හිතුනේ සමනළීගෙන් කොල් එකක් ආවට පස්සේ,

මම : හෙලෝ කියන්න ....
සමනළි : ඔය මොකද මේ දහ දොලොස් පාරක් මට කොල් අරන් තියෙන්නේ.. ඔයා දන්නේ නැද්ද මම කොල් එක අන්ස්වර් කරන්නේ නැත්තේ, මට සනීප නැති නිසා කියලා.. ඔයාට ඔච්චරම මාව විස්වාස නැද්ද..

කරපු ආදරේ වැරද්දක් වෙන්න ඇති මට හිතුනා... ඒයා අහපු දේට උත්තරයක් දෙන්න තරම් පනක් මගේ ඇගේ තිබ්බේ නෑ.. මම දුරකතනය විසන්දි කලා..

පැත්තකින් වාඩි වෙච්ච මම උදේ ඉදන් වෙච්ච දේ ආයෙත් මතක් කරන්න ගත්තා..

උදේ පාන්දර මට දාලා තිබ්බ මැසෙජ් එකෙන් මාව තිගැස්සිල  ඇහැරිලා, නිදි මත කොහේ ගියාද කියල හිතා ගන්න බැරි වෙන්න, යන්න ගියා.. වෙනදට එලාම් එක කන ගාව පහුරු ගාද්දිත් ඔහේ ගානක් නැතිව නින්ද යන මට .. ලාවට දැක්ක අකුරු ටික සැහෙන බලපෑමක් කරා. "මට සනීප නෑ, ඔලුව කැරකෙනවා වගේ. මම අද වැඩට යන්නේ නෑ".. ඔකේ මුල් වචන වලට තිබ්බේ එලාම් දහදාකටත් වඩා වැඩි බලයක්.. ඒ වෙලාවේ ඉදන් මම පිස්සුවෙන් වගේ කල් ගත කරේ.. කොල් කරා ගන්නේ නෑ,එතකොට තවත් ඔලුව පිස්සු නටනවා බාත් රූම් එකට ගිය වෙලාවක වැටිලවත්ද..තවත් මොලේ කුරුවල් උනා, උදේ ඉදන් මම ඔෆිස් එකෙත් වැඩක් කරෙත් නෑ, කොල් එකක් එනකල් බලන් හිටියා..... මදෑ ආපු කොල් එක ...

උදේ ඉදන් වෙච්ච හැම සිදුවිමක්ම ඔහේ  මැවිලා ගියා ඇස් ඉස්සරහාම.. අනේ ඔයාට මගේ හිත කියවන්න පුලුවන් වුනා නම්.. මම කියන දේ තෙරුම් ගන්න පුළුවන් වුනා නම්. ඔයාට ඔයාගේ හිතේ තියන හැම දේම මට කියන්න පුලුවන් උනා නම්, ඔහොම ඉද්දි මට කවියක් ගලා ගෙන ආව කටට නිකන්ම.

නොතරේ නුඹට හද ගැසෙනා රාවේ මගේ
දුවනා ප්‍රේම ගිනි දැල් මගේ ලේ අතරේ
කලබල වෙමිය හැරුනත් නුඹ දුරු කතරේ
නැවතිය නොහැක පෙම මගේ ගලනා ඇතුලේ

නුඹ උණ ගැනී ඉන්නා බව කීව සැනින්
දැල්වුනි මගේ පපු කුහරෙම පරම දුකින්
අසලා දැන ගන්න සැප දුක නුඹේ කටින්
ඇමතුවේ සිය දහස් වර නුඹ, එයය ඉතින්

අමතා අසන්නට පෙර කොහොමද නුඹට
"උබ" සැක කරා මගේ පතිවත පර බල්ල
ඒ වැනි වදන් ලෙස හදවත, ඇනි හෙල්ල
තාමත් ලේ ගලයි, නෑ හදවත මෙල්ල

මගේ පන නුඹය, නැහෑ අරමුණු වෙනත් මගේ
එවුනත්, කැමති නෑ ගැරහුම් වලට නුඹේ
කල මගේ ප්‍රේමේ අහුරා ගෙන මගේ ළයේ
ඉන්නට හැකිය නුඹ අකමැති, වේ නම් ලඳේ

හැකි නම් ඉන්න .. මගේ ආදරේ වෙනස් නොවේ
සොයලා බැලුම නුඹ ගැන මගේ අයිතිය වේ..
ඒකට කැමති නැති නම් නුඹ හිමින් සැරේ
කියපන් කනට කරලා පල යන්න, ඔහේ...

නිමි.

Thursday, September 4, 2014

ස්පා

සිහින් සියුමැලි වත ඇගේ
ඇඟිලි තුඩු ගෙන දෙයි, සුවේ
අනු,රාගිකයි දෙනුවන් පැයේ
වෙලන විට සියුමැලි ගතේ

පරදවයි අම, පෙර රැයේ
මතක නැත නම, කියු නුඹේ
එන්න අතගෙන නුඹ මගේ
වන්න, තව පාරක් අගේ

පැරදුවත් නුඹ සුරඟනන්
ගත සලා පා, නෙක දසුන්
යන්න යමි හෙලලා, සුසුම්
සොයා ඇගේ උණුසුම කසුන්...

Wednesday, September 3, 2014

පතමි මම

නුඹට ලිව්ව, කවි කතා අද
වෙනත් අයකුට ලියවිලා
පැයගනන් කෙරු කතා බහ අද
මිනිත්තුවකට කෙටි වෙලා
අදහ ගන්නත් නොහැක මට අද
හිටිය හැටි නුඹ මගේ වෙලා
කෙස් වූවත් පතමි මම අද
වෙන්න දිවියම සරු වෙලා