Thursday, September 11, 2014

පොළවේ පය ගහන උන්

නුඹෙන් ලද උණුහුමෙන්, පන්නරෙන්, ආදරෙන්
වදමි මම දරු පොකුරු ගෙන යන්න රට කෙලින්
ඇගෙන් ලැබු සෙනහසින්, යුතුකමෙන්, දහිරියෙන්
හදමි මම, වදපු, උන් කොඳු කෙලින් සිටින මෙන්

පන්සලෙන් පාසලෙන් ලැබූ... ගුරුහරු සොදින්
දෙමිය තොරන්ට මම, උන්ට රිසි වන ලෙසින්
නැතිව කර උන් කූ...ඩූ, වදින්නට පා බිමින්
යන්න මම ඉඩ දෙමිය, හොඳ නරක දැන මොලෙන්

වදින්නට පය පොළව නොදමවා පාවහන්
නටා මා දූ...විල්ල, මඩ පිරුණු පය වහන්  
දනී අද එහි අගය, නොවී ලෙඩ දුක් විහින්
බිහි කරමු මතු දැයට, පොළවේ පය ගහන උන්

No comments:

Post a Comment