Sunday, September 7, 2014

මනක්කල්පිත ප්‍රේමය

සත්සරනි බාග්‍යා වික්‍රමසින්හ... පොඩි කාලේ උදේ පාන්දර ඇහුන ඒ සුන්දර නම, මට අද වාගේ තාමත් මතකයි. බෙල්ලේ වතුර බොතලේ බැන්දගෙන මාත් එක්ක උදේට පාසල් එන මගේ හොඳම යාලුවගේ නමම, පනිතියේ ටිචර් මුලින්ම කියද්දි හිතට හීන් ආඩම්බරයක් දැනුනා. මම පහේ විභාගෙන් පාස් වෙලා කොළඹ ගියාට පස්සේ මට ඒයාව හම්බෙන්න විදියක් තිබ්බේ නෑ, ඒ කාලේ අපේ පුංචි හිත් වල තිබ්බේ ආදරයකට වඩා මහා ලොකු සහොදර කමක්.

කාලය ඔහේ ගෙවිලා ගියා දවසක් මම  ගියා බුක් ෆෙයාර් බලන්න.. ඒ මගේ යාලුවෙක් එක්ක, පොත් බලන්න නම් නෙවේ යාලුවගේ පෙම්වතිය එනවා කියලා එයාව බලන්න.. ඒ කාලේ අපිත් දිග කලිසම් මුලින්ම ඇදගෙන ඉස්කොලේ ගියේ කාලේ, ඇවිදින්නේ නිකන් ටැමිල් ෆිල්ම් වල නලුවො වගේ, මැරයෝ කොච්චර වෙඩි තිබ්බත්, හීරිමක් වත් වෙන්නේ නෑ වගේ, දැන්නම් මතක් වෙද්දිත් හිනා යනවා. කොහොම කොහොම හරි අපි දෙන්න සෙට් වෙලා පැයක් විතර කට්ට කැවට පස්සේ යාලුවගේ ගර්ල් තවත් ලස්සන යාලුවෙක් එක්ක ඇඹරි ඇඹරි අවා, මෙක පුංචි දූපතක් වෙච්ච එක ගැන ඒ වෙලාවේ මම තරම් දෙයියන්ට පිං දුන්න කෙනෙක් නැති වෙන්න ඔනේ අනිවාර්යෙන්ම. අවුරුදු ගානකට පස්සේ ආයෙත් මට සත්සරනි බාග්‍යා වික්‍රමසින්හව මුන ගස්සන්න තරම් මුහුදෙන්ම වට වෙච්ච මගේ රට මට ආශිර්වාද කරල තිබ්බා, හැබයි එදා නම් මට කිසිම සහොදර ප්‍රේමයක් නම් දැනුනේ නෑ. රතු මල් ගවුම ඇදන් ගඟ අසබඩ මම එනකන් ඉන්න ලස්සනම ලස්සන චූටි බොනික්කියක් වගේ තමා මට එයාව ඒ වෙලාවේ පෙනුනේ, මමත් හිතුවේ මම ගඟ ගාවට ඇවිත් එයාව හඳට උපමා කරලා කවි කියනව වගේ එයාට මාව පෙනේන ඇති කියලා, කරුමෙට අඩුගානේ මාව මේ කෙලි ගනන්වත් ගත්තේ නෑ. ඉතින් ඒකාලේ අපිත් ඇන්දේ දිග කලිසම්, ඉතින් අපි වෙයිද සෙකන්ඩ්.

කොහෙම හරි යාලුවයි කෙලියි මුකුළු කර කර හිටියා, මමයි සත්සරනි බාග්‍යා වික්‍රමසින්හයි පොත් බැලුවා හරියට ජිවිතේටම එදාම අඳුර ගත්ත දෙන්නෙක් වගේ...

එත් එයා මට හිතින් කිව්ව කවි මට අදටත් හොදටම මතකයි...
තරහ වෙන එකක් නෑ මම හිතන්නේ  මෙතන දැම්මා කියලා. ඔන්න මේ "එයා" කියලා දාන හැම කවියකගෙම කොපි රයිට්ස් එයාගේ.. ඉස්සර නම් එයාගේ කියන්නේ මගේ වගේ තමා ...

එයා :
ඔය දෑතට තුරුළු වෙන්න
ඇහිපිය යට මලක් වෙන්න
සිනහ පිරුණු සදක් වෙන්න
ඔය හිත මට ටිකක් දෙන්න

මම :
සඳ සාවිට නුඹ කියන්න
හෙට වැඩියෙන් හිනාවෙන්න
නුඹේ තුරුලේ ඉඩ තියන්න
මට ටිකකට වහන් වෙන්න

එයා :
තරු වැල් මත වාඩිවෙන්න
සද සාවිට බහක් දෙන්න
ඇකයෙ ඉදන් කවි ලියන්න
එන වෙලාව මට කියන්න

මම :
සැඳෑ අදුර ලඟට වෙන්න
හයහා මාර විතර වෙන්න
ඇල දෙවටේ මුණ ගැහෙන්න
සඳ පානේ හෙටම එන්න

එයා :
අත වට බෝරිච්චි වෙන්න
ලාවට රතු පාට වෙන්න
මල් ගවුමෙන් සැරසි එන්න
ඔබ කැමතිද' මට කියන්න

මම:
සුන්දර රුව දිදුලවන්න
කැමති ලෙසක ඇදන් එන්න
ඇඳුම නොවේ මට බල්ලන
නිල් නෙතු යුග අරන් එන්න

එයා:
සද එළියෙන් නෙතු බලන්න
තරු එලියට සිනා සෙන්න
කුමුදු මලේ පෙති කඩන්න
උරහිසෙ ඉඩ තියාගන්න

මම:
අතැඟිලි එකිනෙක ගනින්න
හිත පොඩ්ඩක් කොනිත්තන්න
බොරුවට නුඹ තරහ වෙන්න
නුඹේ නලළත සනසවන්න

එයා:
සද සේලෙන් වෙලා ගන්න
ඔය පපුවට තුරුල් වෙන්න
උණුසුම හිත තවර ගන්න
තව පොඩ්ඩක් ලගට එන්න

පොඩි වෙලාවක්  යද්දි රිදම් එකත් වෙනස් උනා.. කොහොම උනත් කෙලින් කියන්න බැරි ගොඩක් දෙවල් කවියෙන් කියන එක කොච්චර ලෙසිද...

මම:
දැන්නම් ගැහෙනවා හද මගේ හැටට හැටේ
මැවිලා පෙනේනවා මම හෙට නුඹ තුරුලේ
අතැඟිලි නුඹේ පිරයි මගේ හිස් මුදුනේ
මම කල පින කියන් ලැබුමට නුඹේ සෙනෙහේ

එයා:
නොකියනු කුමර මෙලෙස ම'සිත් රිදවන්න
ඔබ නොව මම කලේ පින් ඔබ ලැබගන්න
හෙට කී වෙලාවට නොවරදවම එන්න
පෙර මග බලන් සිටිනුය නුබ දැකගන්න...

මම:
තත්පර කට්ට ගාටනවා යන්නේ නැති
සඳත් තාම හිනෙහෙනවා බහින් නැති
පැය ගල් වෙලා හිත සමගම හිතෙන් නැති
තනි රැය මෙලෙස ඉවසමි මම නුඹත් නැති

නිමි.

ප.ලි
කොහොමහරි  කවි වලින් පෙම් කරනවට වඩා තාත්විකව පෙම් කරද්දි , අතාත්වික ලොකයේ තාත්වික කම රකින්න හරි අමාරුයි...
(මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිත )

No comments:

Post a Comment