Monday, September 8, 2014

කාපට් හදවත

"හෆ්ෆා පාරේ තියෙන වලවල් ගොඩ මේ මගුල කවදා හදල ඉවරවෙයිද දන්නේ නෑ... "

අද ඒ පාරේම මාස ගානකට පස්සේ යද්දී මගේම වචන පෙල මගේ මතකයට ආවා. ඔයා නිසා දැන හැදින ගත්ත ඒ වලවල් තිබ්බ චාටර් පාර, අද නම් ෆුල් කාර්පට් කරලා. ඒත් ඔයා...., පාරේ වලවල් වැහුනට, ලස්සනට කාර්පට් කරල තිබ්බ අපේ හිත් දැන් ඇවිදින්නවත් බැරි තරමට වලවල් වලින් පිරිලා... කාලයක් යද්දි මේ පාර වගේම හිතේ වලවලුත් වැහිල යයි, එත් තාමත් මම ඒ අතීතයට ප්‍රේම කරනවා.

අදත් මම පානදුරේ පහු කරද්දි උදේට කාලා හිටියේ නෑ, එදා වගේම. හැබයි එදා නවත්තපු කඩේ මට අද බයික් එක නවතන්න හිතුනේ නෑ, සෙනඟ වැඩි හින්දා නෙවේ මතක වැඩි හින්දා. හරිම සුලු කරුණු ජිවිතයට බලපෑම් කරන හැටි හරිම පුදුමයි, ආකර්ෂනියයි. වෙලාවකට ඒගැන හිතද්දිත් මහා මොඩ හැඟිමක් නේද කියල හිතෙන්වා, හරියට කළුතර බොධියට ඔයා පඬුරු දාපු කෑටේ නැතිව වෙන කැටයක් ලඟ නවත්තලා ඒ දිහා බලගෙන කැටයකට පඬුරු දානව වගේ දෙයක්. මම ලඟදි කොහෙ හරි දැක්කා පළමු ආදරය නෙවේ අමතක කරන්න්න බැරි, හිතට දැනූනුම ආදරය කියලා. ඒත් අපි දෙදෙනෙක්, ඔයගෙත් මමගෙත් මේ පලවෙනිම ආදරය නෙවේ. ඒත් මම හිතුවා මගේ නම් හිතට දැනිච්චම ආදරය කියලා... ඒත් සමහර විට ඒක ඉස්සරහට වෙනස් වෙයි. මේ කතාව කියන්න හෙතු වුනේ විරහව නෙවේ.. විරහවේ සුන්දරත්වයයි. මම වි හැඟිමට ප්‍රේම කරනවා, මොකද විදවනවාට වඩා එක ලෙසි හින්දා.....

ඔබත් කා නිසාවත් ජිවිතය විඳවන්න එපා.. ජීවිතය විදින්න උත්සහා කරන්න. ආදරයක් කියන්නේ ශක්තියක්, අපි ආදරය කරන්වා කියන්නේ ඒ ශක්තිය විශ්වයට මුදාහරිනවා කියන එකයි. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව ඒක කවදා හරි ඔයාට ලැබෙවී. මම ඔය පන්ඩිත කතාව කීවේ මට මතක හැටියට ගොඩක් කාලෙකට කලින් කාගේ හරි හිත හදන්න.

මේක මගේ හොඳම යාලුවගේ කතාව පමනක් නොවෙන්න පුලුවන්, තවත් බොහෝ අයට මේ කතාවම තියෙන්න පුලුවන්, එත් උගේ තාමත් හිතේ තියෙන්න මේ ආදරය, මගේ ඇඟට අරගෙන මම මෙහෙම ලියනවා...

නුඹ මා මැණික ආදර රන් තොටිල්ලේ
සතපා රකිමි නා රජු මෙන් ඉවසිල්ලේ
වැළපෙන කඳුළු හංඟා මගේ නෙත් පත්ලේ
දුක නොම දෙම්ය මගේ පන වැනි සුදු කෙල්ලේ

ආලය වැඩි හදවත තුල නොම දාරයි
ඉස්සර වගේ නෙවේ කඳුළැලි දඟ කාරයි
හදවත මලක පෙත්තක් මෙන් මෘදු කොමලයි
පොඩ්ඩක් හෙලෙව්වත් හනිකට හිත පෑරෙයි

ඉල්ලනු බැරිය මා ලඟටම එන්න කියා
මවපු සිහින, ඉටු කරගෙන ඉන්න ඔයා
ඉන් පසු ඉඩක් ලැබුනොත්, මගේ මැණික සුදා
එනු මැන ලඟට, මඟ බලමින් ඉන්නේ මෙමා


නිමි. (බොරු කොලම්)

No comments:

Post a Comment