Wednesday, October 1, 2014

අරමුණක් නැති

අරමුණක් නැති පෙලක් ජීවිත
ඔහේ පාවෙනු දැක මගේ සිත
මගෙන් විමසයි පලක් වෙවිද
අරමුණක් නැති කලදි දිවියට

උඹට කිව්වට මගේ පොඩි හිත
ටිකක් හිතපන්, රැවටිලා උඹ
සිතා හිටියත් අරමුණක් නුඹ
මිලින වී ගොස්, ඇතිය මුල් ටික

එසේ පවසනු එපා නුඹ මට
තවම දළුලයි, එහිත් ඉඳ හිට
වෙනත් අරමුණු පලක් නෑ මට
බලන් ඉමි ඵල දරන තුරු මම

අනේ පලයන් මොඩ මගේ හිත
තවම හැදිලා නෑ, නොවෙද උඹ
වැඩක් නෑ උඹ බලන් හිටියට
වෙනත් අරමුණු ගනින් අද සිට

No comments:

Post a Comment